බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනපති රනිල්ගේ විදෙස් සංචාර වියදම් ගැන පරීක්ෂණ: BBC සිංහල තොරතුරු ඉල්ලීමෙන් හෙළි වූ කරුණු

by editor
ජූනි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජූනි 24 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පිළිබඳව බීබීසී සිංහල කළ විමසීමකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එවැනි පරීක්ෂණයක් සම්බන්ධයෙන් මේ වන විට විමසීමක් කර වාර්තාවක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වාර්තාව එවූ පසු වැඩිදුර විස්තර ලබා දීමට හැකි බව ඔහු පැවසුවේ ය.

‘2005 – 2021 වර්ෂවල විදෙස් සංචාරවල තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයේ නෑ’

මා විසින් පසුගිය පෙබරවාරි 28 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලීමක් කරනු ලැබුවේ 2005 -2025 වසර 20ක කාල වකවානුව තුළ බලයේ සිටි ජනාධිපතිවරුන් යෙදුණු විදෙස් සංචාර, ඒවාට වියදම් කර ඇති මුදල සහ ඒවාට සම්බන්ධ වූ දූත මණ්ඩලවල තොරතුරු විමසමිනි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එලෙස පෙබරවාරි මස යොමු කළ තොරතුරු ඉල්ලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මැයි 16 වන දින පිළිතුරක් ඒවා ඇති අතර, “2005 – 2021 වර්ෂවල අදාළ ලිපිගොනු හා ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බැවින්” හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාරවල තොරතුරු වෙන් වෙන් වශයෙන් ලබා දීමට නොහැකි බව එමගින් දන්වා එවා තිබේ.

ඉන් පෙනී යන්නේ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා බලයේ සිටි සම්පූර්ණ කාලය තුළ සිදුකර ඇති විදෙස් සංචාරවල තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 සිට 2021 දක්වා සහභාගී වූ විදේශ සංචාරවල ලිපි ලේඛන ද ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නොමැති බව ය.

ඒ අනුව, මා විසින් කරන ලද තොරතුරු ඉල්ලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු එවා තිබෙන්නේ “රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් ලබා ගන්නා ලද භාණ්ඩාගාර මුද්‍රිත සටහන් අනුව… ජනාධිපති වැය ශිර්ෂ යටතේ හෙළි වී ඇති වියදම්” ය.

ඔවුන් දන්වා එවා ඇති ආකාරයට මේවා සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක ය.

හිටපු ජනපති රනිල්ගේ සංචාර 23කට මිලියන 600කට වැඩි වියදමක්

2022 වසරේ ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර 23කට සහභාගී වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳව තොරතුරු පරීක්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බවට තොරතුරු ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයේ සඳහන් වේ.

එක් එක් වර්ෂයේ ඔහුගේ විදේශ සංචාර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ වැය වී ඇති වියදම් පහත පරිදි ය.

‘2022 – 2024 දක්වා විදෙස් ගමන් සඳහා බිලියනයක් වැය කරලා’

පසුගිය මැයි 8 වන දින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, 2022 සිට 2024 දක්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස සහභාගී වූ සංචාර සඳහා රුපියල් බිලියනයකට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව ය.

ඒ අනුව, ඔහු විසින් ඉදිපත් කරන ලද තොරතුරු පහත පරිදි ය.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ නොවූ නමුත් ඔහු නියෝජනය කරමින් නියෝජිතයන් සම්බන්ධ වූ විදෙස් සංචාර 19ක් සඳහා ද මෙම කාල වකවානුව තුළ මුදල් වියදම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ය.

එම මුදල රුපියල් මිලියන 19.8ක් බව පැවසූ ඔහු, ඒ අනුව සියලු සංචාර සඳහා වියදම් කර ඇති මුදල රු. බිලියන 1.027ක් බව ප්‍රකාශ කළේ ය.

වැඩි ම වියදම් 2013දී

පසුගිය වසර 20ක කාලය සම්බන්ධයෙන් ලබා දී ඇති තොරතුරුවලට විදෙස් සංචාර සඳහා වැඩි ම වියදම් සිදුව ඇති වසර වන්නේ 2013 වසර වන අතර එම වසරේදී වැය කර ඇති මුදල රු. බිලියන 1.144කි. 2005 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට 2015 ජනවාරි දක්වා බලයේ සිටි ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ පමණක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.76කට අධික මුදලක් වැය කර තිබේ.

වසර 10කට ආසන්න පාලන කාලය තුළ වියදම් වී ඇති එම මුදල සාමාන්‍යයක් වශයෙන් වසරකට මිලියන 400කටත් වඩා වැඩි මුදලක් වන අතර සාපේක්ෂව 2015න් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ වසර 5ක ධුර කාලය තුළ ම විදෙස් සංචාර සඳහා වැය කර ඇත්තේ රු. මිලියන 400කට අඩු මුදලකි.

වත්මන් ජනාධිපතිවරයාගේ වියදම්

මාගේ තොරතුරු ඉල්ලීමේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විදෙස් සංචාරවල වියදම් සම්බන්ධයෙන් ද විමසා තිබූ අතර, එම තොරතුරු ඉල්ලීම සිදුකළ පෙබරවාරි මාසය වන විට ඔහු ඉන්දියාවේ, චීනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාර සඳහා සහභාගී වී තිබිණි.

ඒ සඳහා ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැය වී තිබූ මුදල රු. මිලියන 2.3ක් ලෙස දක්වා තිබේ.

එයින් ඉන්දියානු සංචාරය සඳහා පමණක් ජනාධිපති වැය ශීර්ෂය යටතේ ගුවන් ටිකට්පත් මිල දී ගෙන තිබේ.

එම මුදල රු. 554,350කි.

තොරතුරු ඉල්ලීමේ මෙම ගමන් සඳහා සම්බන්ධ වූ නිලධාරීන් පිළිබඳ විස්තර ද ඉල්ලා සිටි නමුත් ඒවා ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ලබන 01 දා දක්වා රිමාන්ඩ්!

Next Post

ජයග්‍රහණ දෙකයි… ඉනිමකුත් ලකුණු 78කින් බංගලියන් පරාදයි… තරගාවලියත් අපි දිනුම්!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.