බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔබට අවශ්‍ය ඕනෑම රජයේ සහතිකයක් පහසු මිලට… හිඟුරක්ගොඩ හොර කච්චේරියක් අල්ලයි…

by editor
නොවැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් 15000යි… ගවයින් ප්‍රවාහන බලපත්‍රය 20000යි… ප්‍රාදේශීය ලේකම් සහතික… වාහන බලපත්‍රයක්… ඕනෑම විභාගයක් ඩිප්ලෝමා එකක් සඳහා සහතික… පහසු මිල ගණන්වලට….

වසර පහක කාලයක් තිස්සේ නිවසක් තුළ ව්‍යාජ ලෙස ආදායම් බලපත්‍ර, ගවයින් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර, රියදුරු බලපත්‍ර, විභාග සහතික ඇතුළු තවත් වටිනා සහතික පරිගණක ඇසුරින් කූඨ ලෙස සකස් කරමින් සිටි සැකකරුවෙකු ,පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේදි කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත ඊයේ ( 06 රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

සැකකරු සතුව තිබූ පරිගණකයක්, කූට ලෙස සකස් කර ඇති සහතික පත් සියයකට වැඩි ප්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර අප කළ විමසීමකදී සඳහන් කළේය.

සැකකරු ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතික කූඨ ලෙස සකස් කරමින් රුපියල් 15,000 ක් වැනි මුදලකට අලෙවි කර ඇති බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවද පොලිස් පරීක්ෂකවරයා කීවේය. මීට අමතරව ඔහු විසින් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල මුද්‍රාව හා අත්සන් සහිත ලේඛනයක් කූට ලෙස සකස් කර තිබිය දී පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඔට්ටුසුඩාන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල මුද්‍රාව සකස් කොට, එම මුද්‍රාව ගවයින් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර වලට තබමින් අත්සන යොදා රුපියල් 20,000 බැගින් ලබාදී ඇති බවද හෙළි වී තිබේ.

තවද රාජ්‍ය ආයතන මගින් නිකුත් කරන ලද ලේඛන රැසක් කූඨ ලෙස පරිගණක ඇසුරින් සකස්කොට විවිධ මිල ගණන්වලට ප්‍රදේශයේ සහ පිටපළාත්වල අයට ලබාදී ඇති බවට පරීක්‍ෂණවලින් අනාවරණ වී ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පශු වෛද්‍ය කාර්යාල, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව, පොල් සංවර්ධන අධිකාරිය, යන ආයතන වලින් නිකුත් කරන ලද ලේඛන කූට ලෙස සකස් කරමින් ඔහු වසර පහක කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවද මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කූඨ ලේඛන සහ ඒවා සැකසීමට යොදාගත් උපකරණ මෙන්ම අත් අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත, කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.පී. ආර්.කේ. ජාගොඩගේ, පොලිස් පරීක්ෂක ඒ.ටී බණ්ඩාර, පොලිස් සැරයන් 42229 රංග, 71750 චින්තක,34968 නිශ්ශංක, යන පොලිස් නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදුකළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැංකු ගිනුමක් විවෘත කරගන්න ඇති නොහැකියාව නිසා රටේ එක් ලක්ෂ හතලිස් දහසක අසරණයින්ට අස්වැසුම නෑ… ජනපති හෙළි කරයි….

Next Post

හොර වාහන නඩුව – රත්වත්ත ජෝඩුව යළි රිමාන්ඩ්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.