අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැමෝටම එපා වූ කුසල් ජනිත් යළිත් LPL පිටිය වර්ණවත් කරයි…. දඹුල්ල -කොළඹ තරගයෙන් දඹුල්ල විශිෂ්ට ජයග්‍රහණයක!

by editor
ජූලි 7, 2024 - Updated on ජූලි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය-

මෙවර LPL තරගවාරය අපට වැදගත් වන නිශ්චිත කාරණාවක් තිබේ. පිරිහුණු දේශපාලකයෙකුගේ ගොබ්බකමේ ප්‍රමාණය රූපණය කළ අඥාන තේරීම් කමිටුවක් ලෝකය ඉදිරිපිට අප පජාත කළ ආකාරය තේරුම් ගැනීමට විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය නිමා වූ පසුම පැවැත්වෙන මෙම තරගාවලිය වැදගත් වන බැවිනි

කණ්ඩායමට වැද්ද ගැනීමට පෙර බොස්ටල් එකකට දමා මූලික මනුෂ්‍ය චර්යාවන් සකසා සමාජගත කළ යුතු අමු ත්‍රාඩයෙක් ජාතික කණ්ඩායමේ නායකත්වයට පත් කර ඔහුට අවශ්‍ය කණ්ඩායම ලෝක කුසලානයට රැගෙන ගොස් කරගත් අපරාධයට මූලික වගකීම දැරිය යුත්තේ ක්‍රීඩා ඇමතිය. මක්නිසාද  තමන් ගැනවත් තේරුමක් නැති රෑකඩ ටිකක් ගෙනැවිත් අහවල් තර්කයකටවත් ගැලපෙන්නේ නැති තේරිම් කමිටුව පත් කළේ ක්‍රීඩා ඇමති නිසාය. ඒ තේරීම් කමිටුව විස්සයි 20 කණ්ඩායමට තෝරාගත් නායකයා වූ වනිඳු හසරංග වැනි තවත් චරිතයක් ඇත්නම් ඒ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුය. උද්දච්චකම, අවිනීතකම, වැල්ලේ චණ්ඩියාගේ භූමිකාව, කුලප්පු වූ ගවයින්ගේ චර්යාව ප්‍රකට කිරීම සහ ලුම්පන් සංස්කෘතික ලක්ෂණ ප්‍රකට කිරීම අතින් ඒ දෙදෙනාම නිවුන් සහෝදරයින් සේය.

රටට අවශ්‍ය දේශපාලකයා හරීන් නොවනවා සේම ජාතික කණ්ඩායමක නායකත්වයට තබා කාපිරි මුඩුක්කුවේ ඇටබෝල කණ්ඩායමක නායකත්වයටවත් නුසුදුසු චරිතයක් පෙන්වන්ට කිවහොත් දෙගිඩියාවක් නැති පෙන්විය හැක්කේ වනිඳු හසරංග ය.

අද  (06) අන්තර් ජාතික ක්‍රීඩකයින්ට අනලස්ව ප්‍රහාර එල්ල කරමින් LPL විචිත්‍ර කරන්නේ වනිඳු හසරංගගේ බලපෑම නිසා කණ්ඩායමින් කපා  දැමූ කුසල් ජනිත් පෙරේරාය. චාමික කරුණාරත්නය. තේරීම් කමිටුව හලා දැමූ අවිශ්ක ප්‍රනාන්දුය. කුසල් ජනිත් පෙරෙරා මිලදී ගන්න ලංකාවේ LPL ෆෙන්චයිස් ක්‍රිකට්වල කණ්ඩායමක්වත් හිටියේ නැත. ඒ කුසල් වේගවත්ම LPL ශතකය වාර්තා කළේය. එමෙන්ම කුසල් අද දඹුල්ල සික්සර්ස් වෙනුවෙන් අතිශය විචිත්‍රවත් පිති ප්‍රහාරයක නිරත වෙමින් පන්දු 50ක් තුළ හතරේ පහර 08ක් සහ හයේ පහර 04ක් සමගින් ලකුණු 80ක් වාර්තා කළේය. තරගයේ වීරයා කුසල්ය.

දඹුල්ල ආරම්භක පිතිකරුවන් වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් සහ කුසල් ජනිත් පෙරේරා 154ක අනගි සම්බන්ධතාවයක් ගොඩනැගූහ. LPL ඉතිහාසයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පිහිටවූ දෙවැනි වැඩිම සම්බන්ධතාවය ය. රීසා හෙන්ඩ්‍රිච් පන්දු 39ක් තුළ හතරේ පහර 4ක් සහ හයේ පහර 03ක් සමගින් පන්දු 39ක දී ලකුණු 54ක් ලැබුවේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

දඹුල්ල කණ්ඩායම කඩුළු 08කින් ජයග්‍රහණය කළේ කලම්බො ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලබා දුන් ලකුණු 185ක ඉලක්කය පන්දු 13ක් ඉතිරිව තිබිය දී ඉක්මවා යමිනි.

කාසියේ වාසිය දිනුවේ දඹුල්ල කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ. දිගින් දිගටම අසමත් වූ ධනිෂ්ක ගුණතිලක වෙනුවට ඈන්ජලෝ පෙරේරා සමග රහ්මනුල්ලා ගුර්බාස් කොළඹ කණ්ඩායම වෙනුවෙන් තරගය ආරම්භ කළහ. මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක විචිත්‍ර සම්බන්ධයක් ගොඩනැගිනි. ඈන්ජලො පෙරේරා පන්දු 27ක් තුළ හතරේ පහර 6ක් සහ හයේ පහර එකක් සමගින් ලකුණු 41ක් ලැබුවේය. රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 28ක දී ලකුණු 36ක් ලැබුවේය.

විශිෂ්ට පිතිකරණය නිරත වුන නවසීලන්ත ජාතික කණ්ඩායමේ කඩුළු රකින්නෙක්වන ග්ලෙන් පිලිප්ස් පන්දු 36ක දී ලකුණු 52ක් ලැබුවේය. චාමික කරුණාරත්න පන්දු 12ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 27ක් රැස් කළේය. පන්දු ඕවර 20 අවසන්වන විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 185කි. දඹුල්ල කණ්ඩායමට ලකුණු 186ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබිණි.

කඩුළු ලබා ගැනීමේ දී දඹුල්ල කණ්ඩායමේ නුවන් ප්‍රදීප් සහ මොහොමඩ් නබී කඩුළු 2 බැගින් රැස් කළහ. දුෂාන් හේමන්තත් කඩුල්ලක් ලැබුවේය

ලකුනු 185ක අභියෝගාත්මක ඉලක්කය කුසල් ජනිත් සහ රීසා හෙන්ඩ්‍රිච් ඒ බරෙන්ම ගත්තේය. ඔවුන් දෙදෙනා පන්දු ඕවර 14.4ක් තුළ ලකුණු 154ක් රැස් කළේය. ඒ පදනම මත පිටිය වර්ණවත් කළ දර්ශනීය හයේ පහර 03ක් සමගින් ලකුණු 23ක් පන්දු 10ක් තුළ රැස් කරගෙන දඹුල්ල ජයග්‍රහණය තහවුරු කළේය.

ලබා ගත් කඩුලු දෙකම ටස්කීන් අහමඩ් ලබා ගත්තේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තවත් විශිෂ්ටයෙකුගේ ගේ නික්ම යෑම… ලයනල් ප්‍රනාන්දු දිවි සැරියෙන් සමුගනී…

Next Post

බිත්තරවලට වැට් ගැහුවොත් කර්මාන්තය නැත්තට නැති වෙනවා… එතකොට බද්ද කොහොමත් නෑ…. බිත්තර නිශ්පාදකයෝ කියති

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.