හලාවත නගර සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ සහෝදරයා මේ වන විට සිටින්නේ පොලිස් භාරයේය. ඔහුව අත්අඩංගුවට ගන්නේ තරුණයින් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සැකපිටය. යතුරුපැදි අනතුරක් එම පහරදීමට මුල්වූ බව මුලින් ප්‍රකාශ වූවත් දැන් පහරකෑමට ලක්වූ තරුණයින් කියන්නේ ඔවුන් ධාවනය කළ යතුරු පැදිය ආසාවට ධාවනය කරන්නට සභාපතිවරයා ඉල්ලා සිටි බවත් එය ප්‍රකිකේෂප කිරීම හේතුවෙන් පහරදීම සිදුවූ බවත්ය.
එම යතුරු පැදි මර්ගයේ ධාවනය කිරීම තහනම් ධාවන තරග සඳහා භාවිතා කරන ඒවාය. පොලීසිය ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවක් පෙනෙන්නට නැත.
එසේම මේ යතුරුපැදි හිමිකරු ධීවර ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටින පුද්ගලයෙකි. මාකදුරේ මධුෂ්ගේ මත්කුඩු ජාවාරමකට ඔහු පොලීසියට හසුවූ පුද්ගලයෙක් බව හලාවත පොලීසියේ තොරතුරු සඳහන් කළේය. මේ පුද්ගලයා කලක් එජාප දේශපාලනයේ නිරතවූ අයෙකි. දැන් රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ හොදම ගෝලයෙකි. ඒ නිසාම අද පාන්දර සිටම සනත් නිශාන්ත සිටියේ මහ පාරේය. ඒ නගර සභා සභාපති එජාපයේ අයෙක් වන බැවිනි.
ගෝලයින් දෙදෙනා බලන්නට අද පාන්දරම ඔහු හලාවත රෝහලටද ගියේය. සභාපතිවරයාගේ පියා පුත්තලමේ හිටපු එජාප මන්ත්‍රීවරයෙකි. හලාවත ජනතාව ඔහුට කියන්නේ බස් ශාන්ත යැයි කියාය.
අද අලුයම බස් ශාන්තයි සනත් නිශාන්තයි මුහුණට මුහුණ මුණ ගැසෙන්නේ හලාවත රෝහල ඉදිරිපිටදීය. දෙදෙනාම සිටියේ වාහන දෙකක නැගීය. එහිදී බොහෝ අය සිතන්නේ ගැටුමක් හට ගනීවි යැයි කියාය. එහෙත් සිදුවන්නේ වාහන තුළ සිටම ඔවුන් සුහද කථාබහක නිරතව එම ස්ථානයෙන් පිටත්ව යාමය.