පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක ගමන් කරන ශ්‍රි ලංකාවේ ආර්ථිකය යළි නිවැරදි දිශානතියකට ගමන් කළද එය 2024 වසරේදී යළි යථා තත්ත්වයට පත් වීමට රෙ 2023 වසර තුළ යළිත් වතාවක් හැකිළෙනු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරයි.
ආසියානු සංවර්ධන බැංකුව විසින් වාරෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රධානතම ප්රකාශනය වන ආසියානු සංවර්ධනය පිළිබඳව විවරණය ((Asian Development Outlook (ADO 2023) ඊයේ (04) නිකුත් වූ අතර එම වාර්තාවේ ශ්‍රි ලංකාව ගැන එසේ සඳහන් කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවට අනුව ආසියානු රටවල් අතර සෘණ අර්ථිකයක් බලාපොරොත්තු විය හැකි එකම රට ශ්‍රි ලංකාව වේ.
2022 දී ආර්ථිකය 7.8% කින් හැකිලී ගිය අතර 2023 දී ශ්‍රි ලංකාවේ ආර්ථිකය සියයට 3% කින් පමණ හැකිලෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ. වසරේදී ආර්ථිකය සියයට 1.3කින් පමණ වර්ධනය වන බව සඳහන් කර ඇත.
දුෂ්කර තත්ත්වයෙන් ගොඩ එන්නට උත්සාහ කරන ශ්‍රි ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභියෝගය සහ ගෙවුම් ශේෂ දුෂ්කරතා සමඟ දිගටම පොරබදන්නට සිදුවනු ඇති බවට ද ආසියානු සංවර්ධන බැංකු වාර්තාවේ සඳහන් වෙයි.
සමස්තයක් ලෙස ආසියානු කලාපයේ වර්ධනය 2022 වසරට සාපෙක්ෂව අඩුවනු ඇති බවටද එම ආයතනය පුරෝකථනය කර ඇති අතර 2023 වසරේදී සමස්ත ආසියානු කලාපයේ වර්ධනය සියයට 5.5කින් පමණ වර්ධනය වේ යයි අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සඳහනේ දී 2019 බදු කප්පාදුව ආපසු හැරවීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධානයේ මෑත කාලීන අනුමැතිය වැනි ප්‍රතිසංස්කරණ පියවරයන් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට දරන ප්රයත්නයන්ට සහාය වනු ඇති බව ද දක්වා ඇත. .
“ශ්‍රී ලංකාවට ප්‍රකෘතිමත් තත්ත්වයට පත් වීමට යා යුතු මාවත දිගුයි. එතෙක් දුප්පතුන් සහ අවදානමට ලක් වූවන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම සහතික කිරීම ඉතා වැදගත්“ යයි මෙම වාර්තාව එළි දක්වමින් ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්යක්ෂ උත්සව් කුමාර් පැවසීය.
එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ රටේ අභ්‍යන්තර හා බාහිර ආර්ථික අසමතුලිතතාවයේ මූල හේතුවලට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වනු ඇති බවයි. ඒ සඳහා ප්‍රතිසංස්කරණ සඳහා නොසැලෙන කැපවීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළ අතර දූෂණ විරෝධී නීති ශක්තිමත් කිරීම, ශක්තිමත් ආයතන ගොඩනැගීම සහ විනිවිදභාවය වැඩි කිරීම වැනි පාලනය සහ වගවීමේ යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම ද ශ්‍රී ලංකාවේ ආර්ථික අවදානමට විසඳුම් සෙවීම සඳහා අත්‍යවශ්‍ය බව නේවා දුන්නේය.







