සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදා කඳවුරක අවි ගබඩාවකින් T -56 අවි 75ක් අතුරුදහන් වීම ගැන CID විමර්ශන ඇරඹෙයි…

by editor
ජනවාරි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

යුද හමුදා කඳවුරකින් ටී 56 ගිනි අවි 75ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ අපරාධය හෙළිදරව් කළ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේ මෙම අවි පවතින්නේ සිවිල් සමාජය තුළ බවය.

” අපි ඊයෙත් ටි 56 ගිනි අවි දෙකක් ගන්නවා. එක අවියක් ගන්නේ සේවයේ සිටින සිවිල් ආරක්ෂක බලකායේ නියාමකවරයෙක් ලඟ තිබියදියි. ඔහුත් සමගයි අත් අඩංගුවට ගන්නේ. ඉතින් මේක ඉතාම සංකීර්ණයි. සේවයේ යෙදී සිටින හමුදා සෙබලුන්, පොලිස් නිලධාරීන්. මේක ලඝු කොට සලකන්න බෑ. යම් යම් අවස්ථාවල මේවට නිලධාරීන්ගේ සහාය ලැබිලා තියනවා. අපි මේ තත්ත්වය අවම කරලා උපරිම විනිවිද භාවයකින් යුක්තව අපරාධ විමර්ශනයක් සිදුකරගෙන යනවා.”  ඊයේ පොලිස්පතිවරයා පැවසුවේය.

මේ වනවිට අත් අඩංගුවට ගත් ගිනි අවි පිළිබඳ මුල පාදා ගන්නේ වැල්ලම්පිටියේ දී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග අත් අඩංගුවට ගනු ලබනා පුද්ගලයෙකුගෙනි. පොලිසිය ඔහුව රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කරද්දී වැලිකන්ද ප්‍රදේශයේ දැනට සක්‍රීය සේවයේ සිටිනා සිවිල් ආරක්ෂ නියාමකයෙක් ටී 56 ගිනි අවි ජාවාරමක් කරන ආකාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය.

පසුගිය 14 වැනිදා මෙම පුද්ගලයා වැලිකන්දේ දී අත් අඩංගුවට පත් විය.
ඒ ටී 56 ගිනි අවියක් පතොරොම් ගැබක් සහ ජීව උණ්ඩ 18ක් සමගිනි. දින 90ක් රැඳවුම් නියෝග ලබාගෙන ඔහුගෙන් දීර්ඝ ප්‍රශ්නකිරීමක් අපරාධ විමර්ශන අංශ විසින් ආරම්භ කළේය. මෙම පුද්ගලයා යුද සමයේ මෙම ගිනි අවි අවි ගබඩාවකින් පන්නාගෙන තිබිණි. ඔහු දශකයට වැඩි කාලයක් මෙම ගිනි අවි ලඟ තබාගෙන පරිහරණය කර ඇති ආකාරය හෙළි විය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන විට ඔහු විසින් රුපියල් ලක්ෂ 2ක මුදලකට වැලිඔය ප්‍රදේශයේ පුද්ගලයෙකුට ගිනි අවියක් අලෙවි කළ ආකාරය හෙළිදරවු විය. ඒ අනුව

ඒ අනුව අද (18) එක් ටී 56 ගනි අවියක්, පතොරොම් ගැබක් සහ ජීව උණ්ඩ 11ක් අදාල පුද්ගලයා . කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ ඒකකය මගින් වැලිඔය දි අත් අඩංගුවට ගත්තේය.

මේ අතර තවත් ටී 56 ගිනි අවියක් මාතර කොටවිල ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගැනුණි. එම ගිනි අවිය සමග උණ්ඩ 60ක් ද පොලිස් අත් අඩංගුවට පත් විය.

එම ගිනි අවි මේ වනවිට පවතින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ය. මේ සම්බන්ධව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පොලිසිය සූදානමින් සිටී.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගත වූ පැය 24 තුළ බහාලුම් 2074ක් වරාය ගේට්ටු තුළින් මුදා හැරලා…

Next Post

ගාල්ලේ ගින්නක්…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.