දිනසේන රතුගමගේ:
යාපනයේ නීර්වේලී වල්ලෙයි ප්‍රදේශයේදී මෙරට නිපදවන ලද බෝම්බයක් පුපුරවා හැර හමුදා භටයෙකුට තුවාල සිදු කල සිද්ධියට සම්බන්ධ සැකකරුව 17 දා යාපනයේ කෝපායී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු විසි පහක් වන මොහු යාපනයේ නිර්වේලි ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර ඔහු ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයෙකුද යන්න පිළිබදව විමර්ශනය කිරීම සදහා පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය වෙත බාර දී තිබේ.
බෝම්බය පුපුරවා හැරීමෙන් පසුව යුද හමුදාව හා පොලීසිය ඒ පිළිබදව කළ පරීක්ෂණ වලදී යාපනයේ කෝපායී පොලීසියට ලද තොරතුරක් මත සැකකරුව අත් අඩංගුවට ගෙන ත්‍රස්ත මර්දන ඒකකය වෙත බාර දී තිබේ.
Discussion about this post