දිනසේන රතුගමගේ:
කොටි සාමාජිකයින් විසින් මරා දමන ලද බවට සැක කෙරෙන යුද හමුදා භටයෙකුගේ නිල ඇදුම් අත් බෝම්බ දෙකක් හා ජාතික හැදුනුම්පක් සහ රියදුරු බලපත්‍රයක් 16 දා කිළිනොච්චිය පලෙයි පුලෝපලෙයි ප්‍රදේශයේ ඉඩමක තිබී හමු වී තිබේ.
ඉඩම් හිමියා එම ඉඩමේ වළක් කැපූ අවස්ථාවේදී යුද හමුදා නිල ඇදුමක කොටසක් හමු වී ඇති අතර ඒ පිළිබදව පලෙයි පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ අදාල ස්ථානය හාරා යුද හමුදා සාමාජිකයාගේ බවට සැකකෙරෙන භාණ්ඩ සොයා ගෙන තිබේ.
මේ ස්ථානයේ තිබූ මිනිස් අස්ථි කොටස් කිසිවක් හමු වී නොමැති අතර පොලීසිය ඒම ස්ථානය සම්බන්දයෙන් තව දුරටත් පරීක්ෂණ සිදු කරගෙන යයි.
පොලීසියට හමු වූ ජාතික හැදුණුම්පතේ හා රියදුරු බලපත්‍රයේ සදහන්ව ඇත්තේ කෑගල්ල හෙම්මාතගම දුම්බුලුවාව ගමේ පදිංචි නුවරහේනයලාගේ අමිත් උපේන්ද්‍ර නැමති අයට ඒ ලේඛන අයිති බවයි.
කිළිනොච්චිය පලෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.