සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හඳුනා ගන්න බැරි තරමට තමන්ගේ රූපය වෙනස් වූ හැටි ඉෂාරා සෙව්වන්දි කියයි…

by editor
ඔක්තෝබර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගණේමුල්ල සංජීව  ඝාතන සිද්ධියෙන් අනතුරුව ඉන්දියාව හරහා නේපාලයට පලා ගිය ඉෂාරා සෙව්වන්දි තමන්ගේ රූපය සම්බන්ධව දැඩි උනන්දුවක් දක්වන්නට පෙළඹී ඇත්තේ නේපාලයේ දි බවත් මුදල් හදල් යහමින් ගැවසීම සහ කාලය ගෙවා ගැනීමට සුදුසුම ක්‍රමයක් ලෙස රූපලාවන්‍යාගාර සොයා යෑම සිදුකළ බවත් ඇය පවසා තිබේ.

මුහුණට ලැබෙන සත්කාර හේතුවෙන් සිදුවන වෙනස දකිත්ම තමන් රූපලාවන්‍ය කටයුතු සඳහා ඇබ්බැහි වූ බවත්, තමන්ටත් සිතා ගත නොහැකි තරම්  ඉක්මනින් රූපය වෙනස් වෙමින් හඳුනාගත නොහැකි තරමට වෙනස් වන්නේ මේ මාස කීපය තුළ ලැබුණු සත්කාර හේතුවෙන් බවත් ඇය අනාවරණය කර ඇත.  නේපාලයට යනතුරුම ඇය සිය රූපය ගැන උනන්දුවක් දක්වා නැති බව පවසා තිබේ.

නේපාලයේදී අත් අඩංගුවට ගෙන ‍‍ මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි රටින් පලා ගොස් ඇත්තේ පළාත් පාලන මැතිවරණයේ උණුසුම තදින්ම රටේ පැවති අවස්ථාවේදී බව ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ.

පොලීසිය මැතිවරණ රාජකාරිවල නිරතව කාර්යබහුලව සිටින බැවින් වෙනත් කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොවන බැවින් එම කාලය ඇයව රටින් පැන්නීමට යොදාගෙන ඇති බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තමා ‍ මේ කාලය තුළ මතුගමත්, මාතරත්, වවුනියාවේත් ස්ථාන කිහිපයකම රැඳී සිටි බවය. යාපනයෙන් ඇය ධීවර බෝට්ටුවක නංවාගෙන ඉන්දියාවට රැගෙන යන්නේ කේ. ශිවදාසන් නොහොත් ජේ.කේ. බායිගේ මෙහෙයවීම මතය. මේ සඳහා කෙහෙල්බද්දර පද්මේ විසින් ඔහුට රුපියල් කෝටියක මත්කුඩු ලබාදී ඇති බව ද අනාවරණය වී ඇත.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ඉන්දියාවට ඇය ගොඩබැසීමෙන් අනතුරුව ඇයට මාසයක පමණ කාලයක් එහි ගතකිරීමට සිදුව ඇත. ඒ කාලය තුළ ඇයට පෙනී සිටීමට සිදුව ඇත්තේ ඉන්දියානු කාන්තාවක් ලෙසිනි.   ඇයව රැගෙන යන්නේ ජූනි මාසයේදීය. දින හය හතක් තිස්සේ දුම්රියේත්, බස් රථවලත්, කුලී රථවලත් නංවාගෙන ඇයව නේපාලයට රැගෙන ගොස් ඇත්තේ ඉන්දියානු මිනිස් ජාවාරම්කරුවෙක්   විසිනි.

දේශ සීමා හරහා නේපාලයට රැගෙන ආ පසු ඇයව නේපාලයේදී භාරගැනීමට තවත් තැරැව්කරුවෙක්  දේශසීමාවට පැමිණ සිට ඇත.

ඉෂාරා සෙව්වන්දිව නේපාල දේශසීමාවේදී එරට තැරැව්කරුවන් විසින් භාරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නාතුරුම රැඳී සිට ඇත්තේ නේපාලයේය. ඇයට එහි ජීවත්වීමට අවශ්‍ය මුදල් ඇතුළු පහසුකම් සියල්ලක්ම සපයා ඇත්තේ ඒ වන විට ඩුබායිහි රැඳී සිටි ජේ.කේ. බායි විසිනි. ඔහු ඉඳහිට ඇයගේ සැප දුක බැලීමට ඩුබායි සිට නේපාලයට පැමිණ  ඇති බව ද සඳහන්ය.

නේපාලයේ තරුණ කැරැල්ල පසුගිය සැප්තැම්බර් මාසයේ දියත්වන විට  ඇය සිට ඇත්තේ අත්අඩංගුවට ගැනීම සිදුවූ භක්තපූර්හිය. ඇය රැඳී සිටි ප්‍ර‍දේශයේ උද්ඝෝෂණ ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා විශාල වශයෙන් සිදු වී නොමැති බවත් ඒ නිසා ගැටලුවක් නොමැතිව රැඳී සිටීමට හැකි වූ බවත් ඇය පවසා තිබේ.

ඇය නේපාලයේ ද ස්ථාන කිහිපයකම නවාතැන් ගෙන සිට ඇතැයි ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ. භක්තපූර් වෙත ඇයව රැගෙන යන්නේ ද තරුණ කැරැල්ල අතරතුරදීය.

ඉෂාරා පද්මේ වෙනුවෙක් කළ දේ

ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ ‍‍ කෙ‍ෙහල්බද්දර පද්මේගේ ඉල්ලීම මත පෙබරවාරි 19 වැනිදා තමා අලුත්කඩේ අධිකරණයට ගිය බවය. වෙඩික්කරුව ඊට පෙර දැන නොසිටි බවත් තමා ඔහු සමඟ එදා අලුත්කඩේ අධිකරණයට ගියේ ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සඳහා බව දැනගෙනම බවත්  ඇය පවසා තිබේ. කිසිදු බියක් ඒ ගැන තමාට නොදැනුණ බව ද ඇය පවසා ඇත.

ගිනි අවිය සැඟවූ දණ්ඩ නීති සංග්‍රහ පොත තමා අතේ තිබුණු බව ඇය පවසා ඇත. අංක 05 අධිකරණයට ගණේමුල්ලේ සංජීව රැගෙන එන බැවින් එම අධිකරණ ශාලාවට යන ලෙස කෙහෙල්බද්දර පද්මේ විසින් කළ දැනුම්දීමට අනුව වෙඩික්කරුත් සමඟ තමා දෙවැනි මහලේ තිබුණු අංක 05 අධිකරණ ශාලාව වෙත ගිය බව ද ඇය පවසා තිබේ. බැලූ බැල්මට නීතිඥයන් ‍ ලෙස ‍ පෙ‍ෙනන ආකාරයට හැඳ පැලඳගෙන සිටි බැවින් තමන් කෙරෙහි කිසිවකුත් සැක නොකළ බව ද ඇය පවසා ඇත.

ඇය පවසා ඇති ආකාරයට වෙඩික්කරු රැඳී සිට ඇත්තේ අධිකරණ ශාලාව තුළය. ඇය රැඳී සිට ඇත්තේ අධිකරණ ශාලාව ඉදිරිපිට බැල්කනි කොටසේය. එහි සිට තමා අධිකරණයට ඇතුළුවන ගේට්ටුව දෙස බලා සිටි බව ද ඇය පවසා ඇත. විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිතව ගණේමුල්ලේ සංජීව රැගෙන එන විටම වෙඩික්කරුට කතාකර පොත ඇතුළේ සඟවාගෙන සිටි ගිනිඅවිය ඔහු අතට පත්කළ බව ද ඇය පවසා තිබේ.

ගණේමුල්ලේ සංජීව අධිකරණ ශාලාවට රැගෙන එන විට තමා පහළ මහලට ගොස් නීතිඥවරුන් රැඳී සිටින ස්ථානයේ මඳක් රැඳී සිටි බව ද ඇය පවසා ඇත. ගිනිඅවිය සඟවා ගෙන රැගෙන ආ දණ්ඩ නීති සංග්‍රහය එහි දමා යෑමට කිසිදු වුවමනාවක් නොතිබුණත් වෙඩි හඬ ඇසීමත් සමඟ තමා කලබල වූ බැවින් එය රැගෙන යෑමට අමතක වූ බව ද ඇය පවසා ඇත.

පොලිස් අත් අඩංගුවට පත් වෙතැයි සිතුවේ නෑ…

තමාව කිසි දිනක පොලීසිය මඟින් අත්අඩංගුවට ගනීවි යැයි විශ්වාසයක් නොතිබුණු බව ද ඇය පවසා ති‍බේ. නේපාල‍‍යේ සිට තමාව මුරුසියට රැ‍ගෙන යන බව ‍ ජේ.‍ කේ. බායි පැවසූ බව ද ඇය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ති‍බේ. ඊට අවශ්‍ය විදෙස් ගමන් බලපත්‍ර පවා සකස් කර ඇතත් මුරුසියට පැන යන්නට පෙර ඇයව හසුවන්නේ සති 06ක පොලිස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ‍ ලෙසිනි.

එම මෙහෙයුමේ කොටසක් මෙරට සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට   ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයවා තිබිනි. පසුගිය 11 වැනිදා නේපාලයට යන බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා   මෙහෙයුම අවසන් කරමින් ඉෂාරා සෙව්වන්දිට අමතරව තවත් 05 දෙනෙක්ම රැගෙන මෙරටට එන්නේ පෙරේදා (15) ය.

ඒ අතර සිටින 26 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි, ඇ‍‍ගේ රුවට සමාන බව කියන යාපනය, චාවකච්‍චේරිය, වඩුවිල් උතුරු ප්‍රදේශයේ පදිංචිකාරියක වන 23 හැවිරිදි නන්ද කුමාර තක්ෂි, එම කාන්තාවගේ සමීපතමයෙක් බව කියන 36 හැවිරිදි බී.පී.කෙනඩි නොහොත් සුරේෂ් සහ ඉෂාරා සෙව්වන්දි රටින් පන්නා ඇයට නේපාලයේ දී රැකවරණය දුන් මිනිස් ජාවාරම්කරුවකු වන යාපනය පලෙයිහි පදිංචිකරුවකු වන 33 හැවිරිදි කේ. ශිවදාසන් නොහොත් ජේ.කේ. බායි විමර්ශන සඳහා භාර දෙන්නේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වෙතය.

බෙම්මුල්ලේ පදිංචිකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලයේ කොටස්කරු‍වක් බවට හඳුනාගත් 44 හැවිරිදි නිශාන්ත කුමාර නො‍හොත් ‘බබා’ නමැත්තා විමර්ශන කටයුතු සඳහා භාර දෙන්නේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයටය. නුගේගොඩ, ජම්බුගස්මුල්ලේ පදිංචිකරු‍වකු වූ 49 හැවිරිදි කේ.ඩී. ශ්‍යාමන්ත සිල්වා නොහොත් ‘බබී’ භාර කෙ‍රෙන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙතය.

මේ සියලු දෙනාම ඉන්දියාවේ සිට නේපාලයට නීති විරෝධිව ඇතුළු වී ඇත්තේ මෙම වසරේය. මේ අය අතර වැඩිම කාලයක් නේපාලයේ රැඳී සිට ඇතැයි අනාවරණය වන්නේ ඉෂාරා සෙව්වන්දි පමණි.

මෙම සැකකරුවන් 06 දෙනාගෙන්ම පොලීසිය මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් විමර්ශන පවත්වමින් සිටියි. ඉෂාරා සෙව්වන්දි රටින් පලා යන අවස්ථාව දක්වාම ඇයට රැකවරණය දුන් පුද්ගලයන් සහ ස්ථාන ද හඳුනා ගැනීමට ද පොලීසිය දැඩි උනන්දුවකින් පසු‍‍‍වෙයි. ඒ සඳහා වැඩි කාලයක් මේ පිරිස රඳවා ගැනීම පොලීසියේ අපේක්ෂාවයි. එහි ප්‍රථම පියවර ලෙස පැයට 72ක කාලයක් මේ සියලුදෙනාම රඳවා‍ගෙන ප්‍රශ්න කිරීමට ඊයේ පොලීසියට අධිකරණ‍‍යෙන් අවසර ලැබී තිබිණි. ( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියෙන් පසු ඉෂාරා සෙව්වන්දි මාස 03ක් තිස්සේ සැඟවී සිටි හැටි කියයි!

Next Post

මහින්දගේ PSO නෙවිල් වන්නිආරච්චි 31 දා දක්වා රිමාන්ඩ්!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.