හන්තාන කදුවැටියෙ බටහිර බෑවුම් ප්රදේශ ය පුරා දරුණු ගින්නක් පැතිර යමින් තිබේ.
මේ වන විට ගින්න අක්කර විස්සකට ආසන්න කලාපය ක් පැතිර යමින් ඇති බව හන්තාන සුරැකීමේ සංවිධානයේ ලේකම් අමිත් සේනානායක මහතා පවසයි.
සතුන් දඩයම් කිරීම හෝ වෙනත් කිසියම් යටිඅරමුණකින් මෙම ගිනිතැබීම සිදු කරන්නට ඇතැයි ද හෙතෙම කීය.
අමායා හෝටලයට ඉහළ කොටසේ මෙම ගින්න පැය තුනකට ආසන්න කාලයක් පැතිර යන අතර ගිනි නිවීමේ අංශ දැනුවත් කළද මෙතෙක් කිසිවෙකු ක් පැමිණ නැති බව සේනානායක මහතා පවසයි.
මෙවන් ගිනි ගැනීම් හේතුකොටගෙන විශාල ශාක සහ සත්ත්ව විනාශ යක් සිදුවන බව ද දුර්ලභ ගණයේ පැලෑටි බහුලව ඇත්තේ මෙම ප්රදේශයේ බව ද හෙතෙම කීය