හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කටුගස්තොට මූලික රොහලට ඇතුළත් කළ රෝගී කාන්තාවක් පැළඳ සිටි රන් මුදු හතරක් හොරකම් කිරීමේ චෝදනාව මත එම රෝහලේ සාත්තු සේවිකාවක් අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි.
හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම කාන්තාව රෝහල්ගත වී ඇත්තේ ඊයේ (25) සවස 6.30ට පමණ ය. ඇය සිය නිවසේ මෙහෙකාරියත් සමග ඊයේ සවස්වරුවේ කොණ්ඩදෙණිය ප්‍රදේශයට යමින් සිටිය දී මෙම හෘදයාබාධය ඇති වී තිබේ.
රෝගී කාන්තාව වහාම පරීක්ෂා කර ඇයව මහනුවර ජාතික රෝහලට යැවීමට වෛද්‍යවරයා කටයුතු කර ඇති අතර මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී ඇයගේ රන් මුදු හතර නොමැති බව දැනගන්නට ලැබී තිබේ.
ඇය රන් මුදු හතරක් පැළඳගෙන සිටි බව රෝහල් කාර්ය මණ්ඩලය ද දැක ඇති අතර ඇයව මහනුවර රෝහලට මාරු කරන අතර මේ රන් මුදු පැහැර ගැනීමට ඇති බවට වූ සැකය මත කටගස්තොට පොලිසිය විසින් නිල සුනඛයෙක්ද යොදාගෙන මේ සම්බන්ධ විමර්ශන සිදුකර ඇත.
ඇය මහනුවර රෝහලට යැවීමට සූදානම් කරන අවස්ථාවේ දී වෛද්‍යවරයා සමග සිට ඇත්තේ එක් හෙද නිලධාරිණිය ක සහ සාත්තු සේවිකාවක පමණි.
නිල සුනඛයා ගෙනැවිත් විමර්ශන ආරම්භ කළ අවස්ථාවේ දී සුනඛයා සාත්තු සේවිකාව අසල නතර වී ඇති බවත් ඊට අමතරව ලැබුණු තවත් තොරතුරු කීපයක් මතත් මෙම සාත්තු සේවිකාව සැක පිට අත් අඩංගුවට ගැනීමට පොලිිසය කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩී රාජපක්ෂ ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
එම අවස්ථාවේ නිල සුනඛයා සාත්තු සේවිකාව අසළට ගොස් නැවතුණු බව පොලීසිය පවසයි. ඊට අමතරව ලැබුණු තවත් තොරතුරු කිහිපයක් පදනම් කර ගනිමින් ඇය අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත. සැකපිට අත්අඩංගුවට ගත් රෝහල් සාත්තු සේවිකාව මහනුවර පූර්ණවත්තේ පදිංචිකාරියකි.