හදිසි නිතිය පනවා ඇත්තේ අරගලයකරුවන් පාලනය කිරීමක් සිදුනොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.
අගමැතිවරයා පවසන්නේ හදිසි නීතිය පනවා ඇත්තේ එදිනෙදා කටයුතු පාලනය කරගැනීම සඳහා බවය.
එදිනෙදා නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම විනා වෙන කිසිම දෙයකට හදිසි නීතිය පාවිච්චි වෙන්නට නොදෙන බව අගමැතිවරයා කීවේය. අරගලකරුවන්ට විශේෂ පණිවිඩයක් දෙන්නට නොමැති බවත් ඔවුන්ගේම සංවිධාන ඔවුන්ට පණිවිඩ ලබා දෙමින් සිටින බවත් ඔහු කීවේය.
අගමැති ධුරයට පත්වීමෙන් පසු ඉතිහාසයේ විශිෂ්ට වාමාංශික නායකයක් වූ බොරළුගොඩ සිංහයා ලෙස ලාංකේය අරගල ඉතිහාසයේ හඳුන්වා දුන් සිය පියාණන්වන පිලිප් ගුණවර්ධනගේ කොස්ගම බොරළුගොඩ පිහිටි ස්මාරකයට ඊයේ (29) සවස පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු මාධ්‍ය අමතමින් අගමැතිවරයා මේ බව පැවසුවේය.