බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හඬමින් සිටින කුඩා දරුවාගේ වීඩියෝව සමාජ මාධ්‍යයට දැමූ ගුරුවරිය ගැන විමර්ශනයක්!

by editor
මාර්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී

 හඬමින් සිටින කුඩා දරුවෙකුගෙන් ගුරුවරියක් විසින් ප්‍රශ්න විමසන වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස විවාදයකට තුඩු දී තිබේ. එම කෙටි වීඩියෝව පෙබරවාරි 27 දිනට ආසන්න දිනයක පටන් සමාජ මාධ්‍යවල හුවමාරු වූ අතර, වයස අවුරුදු හයක් පමණ වන පළමු පන්තියේ සිසුවෙකු යැයි අනුමාන කළ හැකි දරුවා හඬමින් සිටින අතර ගුරුවරිය දරුවාගෙන් විමසන ප්‍රශ්න වලට දරුවා හඬමින් පිළිතුරු දෙන ආකාරය එම වීඩියෝවේ දැක් වේ.

මුල් අවස්ථාවේදී දරුවාගේ සුරතල් බව සම්බන්ධයෙන් අදහස් සමග වීඩියෝව හුවමාරු වුවද එහි ඇති බරපතලභාවය සම්බන්ධයෙන් මේ වන විට අදහස් හුවමාරු වෙමින් පවතියි. එමෙන් ම බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් එම වීඩියෝව සමාජ මාධ්‍යට එක් කළ අයට සහ එය සිදුවීම වීඩියෝ කළ ගුරුවරියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට අදහස් දක්වා තිබේ.

  • ‘විනය පරීක්ෂණයක් කරනවා‘

ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් අදාල පාසලේ ගුරුවරිය පිළිබඳ පරීක්ෂණයක් කරන්නේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු අංශයෙන් විමසීමක් කළ අතර, එහි නිලධාරියෙකු පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ය.

කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අංශයෙන් කළ විමසීමක දී එම අංශයෙන් ප්‍රකාශ කළේ එවැනි පරීක්ෂණයක් සම්බන්ධයෙන් සිය අංශය මෙතෙක් දැනුවත් කර නොමැති නිසා අදාළ පරීක්ෂණය පාසල අයත් පළාත් සභාව යටතේ සිදු කරනු ඇති බවයි.

  • ‘නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කළා‘

මෙවැනි ක්‍රියාවක දී නීතිය ක්‍රියාත්මක කළ හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳ බීබීසී සිංහල ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් විමසීමක් කළ අතර එහි මාධ්‍ය අංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ සිය ආයතනය උක්ත සිදුවීම නිරීක්ෂණය කළ වහාම මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන සියල්ල දැනුවත් කිරීමට පියවරගත් බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම නිලධාරියා මෙම සිදුවීමේ ස්වභාවය වැඩිදුරටත් විස්තර කළේ මේ අයුරිණි.

“අපේ ආයතනය විසින් ළමා අපයෝජන ශාරීරික අපයෝජන, ලිංගික අපයෝජන, මානසික අපයෝජන සහ නොසලකාහැරීම කියන ප්‍රධාන වර්ග හතර යටතේ හඳුනාගන්නවා. මේ සිදුවීම නිරීක්ෂණය කළ විට ඒ ගුරුවරිය දරුවාව මානසික අපයෝජනයකට ලක් කරන බවක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ඒ සිදුවීම වීඩියෝගත කරලා සමාජ මාධ්‍යට මුදාහැරලා දරුවාට අනවශ්‍ය නිරාවරණයක් සිදුවෙලා තියෙනවා.”

එහි දී අප එම නිලධාරියාගෙන් විමසුවේ මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක් ද යන්නයි.

“ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පනතට අනුව මේ සිදුවීමට අදාලව කටයුතු කරන්න අපට මුලින් පැමිණිල්ලක් ලැබිය යුතුයි. නමුත් මෙතෙක් අපට කවුරුවත් පැමිණිල්ලක් යොමු කරලා නෑ. එ නිසා තමයි අපි Law enforcement එහෙමත් නැතිනම් නීතිය ක්‍රියාත්මක කරවීමේ ක්‍රියාවලියේ කොටසක් විදිහට අදාල ආයතන දැනුවත් කරලා තියෙන්නේ.”

මෙම නිලධාරියා පැවසුවේ දරුවන්ගේ ඡායාරූප හෝ වීඩියෝපට සමාජ මාධ්‍යට මුදාහැරීම ඉතා අවධානම් සහගත බවයි. “සමාජ මාධ්‍ය තුළ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ හුවමාරු වෙලා සිදුවන නරක සිදුවීම් ගැන අපට වසරකට විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙනවා. දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ ඕනෑ තරම් වැරදි ආකාරයට පාවිච්චි කරන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවල අපි පුළුවන් තරම් උත්සහ කරනවා ඒ දේවල් සමාජ මාධ්‍යයෙන් ඉවත් කරන්න. CERT ආයතනය සමඟ සහයෝගයෙන් අපි ඒ වැඩේ කරනවා. නමුත් සමහර දේවල් අපට වුණත් ඉවත් කරන්න බැරි අවස්ථා තියෙනවා. ඒ නිසා දරුවන්ගේ භාරකාරයන් මේවා සම්බන්ධයෙන් හොඳින්ම සැලකිලිමත් විය යුතුයි.”

විවාදයට තුඩු දී ඇති සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව වසර පහක් දක්වා සිර දඬුවමක් හෝ අධිකරණය විසින් නියම කරන දඩයක් හෝ එම දඬුවම් දෙකම හෝ ලබා දීමට දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තියට අනුව හැකි බව නිලධාරියා පෙන්වා දුන්නේ ය.

නව ඔන්ලයින් පනත තවත් සංශෝධන මට්ටමේ පවතින නිසා මේ සඳහා එහි ප්‍රතිපාදන යොදාගත නොහැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අහුංගල්ලේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි!

Next Post

එය බාල අපරාධයක්… මේ ගුරුන්ට ගුරුකම කියා දෙන්න!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.