හක්මන කැබලියපොළ දකුණ සණස බැංකුවට ඊයේ (08) කඩා වැදී එම බැංකු කළමණාකාරියගේ ගෙල කපා ඇයව ඝාතනය කර ඇත්තේ ඇයගේ සැමියා බව පොලිසිය පවසයි.
නිශාදි කල්පනී නැමැති මෙම බැංකු කළමණාකාරිණිය 22 හැවිරිදි තරුණ කාන්තාවකි. ඇය මෙම බැංකුවේ සේවය කරන එකම සේවිකාව බව පොලිසිය කියයි.
ඇයත් ඇයගේ සැමියාත් අතර පවුල් ආරවුලක් පැවති බව හෙළි වී ඇත. කළමනාකාරිණියගේ සැමියා බැංකුවට පැන ඇයගේ ගෙල කපා ඝාතනය කරන අවස්ථාවේ දී බැංකුවේ කිසිම ගනුදෙනුකරුවෙක් සිට නැතැයි විමර්ශකයෝ කියති.
ඝාතනයට සම්බන්ධ කළමනාකාරිණියගේ සැමියා මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකි. මේ තරුණ යුවල විවාහ වී තවම වසර එක හමාරක්වත් නැති බව පැවසේ.
දෙදෙනා අතර මෑතක දී පවුල් ආරවුලක් ඇති වී තිබුණු බවත් දෙදෙනා ජීවත් වන්නේ වෙන්වී බවත් වාර්තා වේ. මෙම කාන්තාව සැමියාගෙන් දික්කසාද වීමට සූදානමින් සිට ඇත. ඊට සැමියා කැමැත්ත පල කර නැත. මේ තත්ත්වය තුළ ඇති වූ විරසකය
දැනට අනාවරණය වී ඇත්තේ ඇයගේ සැමියා බැංකුව තුළට පැමිණ ඇය සමග ගැටුමක් ඇතිකරගැනීමෙන් අනතුරුව ඇයට පහර දී ගෙල කපා ඝාතනය කර තිබෙන බවය.
ඇයගේ කෑ ගැසීම ඇසී අවට නිවෙස්වල කීප දෙනෙක් පැමිණෙන විට සැමියා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
බරපතල තුවාල ලද ඇය හක්මන ගංගොඩගම ප්රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කීවේය.







