අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞභාග්‍යයේ දැක්මෙහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගන්න ගුරු අධ්‍යාපනඥයන් වෘත්තීය අරගලයක.

අධ්‍යාපන ඇමති ජී.එල් එකඟවෙලා...   අධ්‍යාපන ඇමති දිනේෂ්  පටන් ගනිද්දිම සෞභාග්‍යයේ දැක්ම හලලා...

by editor
ඔක්තෝබර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

  • බලපෑම්වලට නතු වෙන්න එපා… මේ ඉල්ලන්නේ සෞභාග්‍යයේ දැක්මයි… ජනාධිපති තුමා පොරොන්දු වූ විදිහට කැබිනට් මණ්ඩලය කී විදිහට අධ්‍යාපන විද්‍යාපීඨ එක් කර විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ස්වාධීන විශ්විද්‍යාලයක් කරන්න… ගුරු අධ්‍යාපනඥයෝ පාරට බැස ඉල්ලති…

කැබිනට් මණ්ඩලය මගින් ලබාදුන් නිර්දේශ ප්‍රකාරව අධ්‍යාපන විද්‍යා පීඨ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පත් කර ස්වාධීන විශ්ව විද්‍යාලයක් බවට පත් කරන තුරු තමන් ඉකුත් 02 දා අරඹනු ලැබූ වෘත්තිය ක්‍රියාමර්ගය අඛන්ඩව ඉදිරියට ගෙන යන බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිළධාරීන්ගේ වෘතිය  සංගමය පවසයි.

එම සංගමය මගින්  අද (07) ගාල්ල දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ දි  පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක එන්.  ඒ.  විජේසිරි  මේ බව සඳහන් කළේය. 

මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිළධාරීන්ගේ වෘතීය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වරයා මෙසේද පැවසීය.

“මේ වන විට විද්‍යාපීඨ 19ක ගුරු විද්‍යාල 8ක හා ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන 112ක සේවය කරන පීඨාධිපතිවරුන් ඇතුළු සියලුම ගුරු අධ්‍යාපනඥ නිලධාරීන් විසින් මේ මාසේ දෙවන දා සිට අඛණ්ඩ දැඩි වෘතීය අරගලයක නිරත වෙලයි සිටින්නේ.“ 

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

“ඊට ප්‍රධාන හේතුව තමයි අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ධූරය සඳහා ඉල්ලුම් කරන අවස්ථාවේ එතුමාගේ චින්තනය ඇතුළත් කළ සෞභාග්‍යයෙ දැක්ම ට ඇතුළත් කරලා තියෙනවා සියලුම විද්‍යාපීඨ  විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කරනවා කියලා.“

“ඒ සඳහා පසුගිය කාලය තුළදී විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තිබුණා. විශේෂයෙන්ම හිටපු අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් මැතිතුමා විසින් 2020 දොලොස්වන මස 14 වෙනි දින කැබිනට් පත්‍රිකාවක්   ඉදිරිපත් කළා.“ 

“හෙද විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාල බවට පත්කර යුතුයි කියලා ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරිපත් වී තිබුණා.   හෙද විද්‍යාල විශ්වවිද්‍යාල බවට පත්වෙමින් තිබුනත් මේ වන තෙක් ජාතික අධ්‍යාපන විද්‍යා පිඨ සඳහා අවස්ථාව ලැබිල නැහැ. ඒ ඉල්ලීම හමස් පෙට්ටියට දාපු ආකාරයක් තමයි අපිට පේන්න තියෙන්නේ.“

“මේ දෙස මේ විදියට තවදුරටත් බලා ඉන්න බැරි තැන  තමයි මේ පියවර ගත්තේ. නවක සිසුන් බඳවා ගැනීම රාජකාරිවලින්  අප සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තියෙනවා.“

“ඒ වගේම දෙවන වසර ශිෂ්‍ය ලාභීන් වෙනුවෙන් උගන්වන මාර්ගගත ඉගැන්වීම් මාර්ගගත ඇගයීම් සහ මාර්ගගතව එක් කරනු ලබන විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින්  සම්පූර්ණයෙන් ඉවත්ව සිටිනවා“.

“ඒ වගේම ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වනු ලබන මොඩියුල වැඩසටහන වලින් ඉවත්ව සිටින අතර එම ආයතනවලින්  සිදු කරනු ලබන සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත් වී සිටිනවා.  ඒ වගේම ගුරු විදුහල් වල සිදුකරන ලබන මාර්ගගතව ඉගැන්වීම් සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින් ඉවත් වී සිටිනවා.“

“ඉදිරියේදී ගුරු  විද්‍යාල  සහ අධ්‍යාපන විද්‍යාපීඨ විවෘත කළ ද මේ ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙන තුරු සියලුම ගුරු අධ්‍යාපනඥයින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට මේ වෘත්තිය අරගලයේදී සියලු දෙනා තීරණය කර සිටිනවා.“

“අපි දැඩි සේ වත්මන් අධ්‍යාපන ඇමති තුමාටත් සියලුම නිලධාරීන්ටත් රජයටත් ප්‍රකාශ කර සිටින්නේ හැකි ඉක්මනින්  ගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශ කර සිටින ආකාරයට  ජාතික අධ්‍යාපන විද්‍යාපිඨ සියල්ල එකට එකතු කරලා විශ්වවිද්‍යාල විද්‍යාල ප්‍රතිපාදන සභාව යටතේ විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න  කියන කාරනාව.   වත්මන් අධ්‍යාපන ඇමැතිතුමාගෙන් සහ රජයෙන් අපි ඉල්ලා සිටිනේනෙ අමුතු දෙයක් නෙමෙයි. ගරු ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්මෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය එක් එක් අංශවල බලපෑමට යටත් කරන්නෙ නැතිව ක්‍රියාත්මක කරන්න කියන එකයි අපි ඉල්ලන්නෙ.“ 

මෙම අවස්තාවට සමස්ථ ලංතා ගුරු අධ්‍යාපනඥ සේවා නිළධාරීන්ගේ වෘතීය සංගමයේ නියෝජ්‍ය ලේකම් අජිත් අමරබන්දු, විධායක සභික ඩබ් ඒ එස් කුරුණානායක යන මහත්වරුන්ද එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඹන්පොල ග්‍රාමසේවක ඝාතනයේ සී.සී.ටී.වී දර්ශන පිටවේ!

Next Post

රිෂාඩ් බදූර්දීන්ගේ වැසිකිලි ප්‍රශ්නයට ඇමති ජොනීගෙන් කඩිනම් විසඳුමක්

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.