දකුණු පළාතේ වයස අවුරුදු 20 -30 අතර පිරිසට යුද හමුදාව මගින් ෆයිසර් එන්නත් ලබා දෙන බවත් ඒ දත්ත එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත ගොනුවට යොමු කරන ලෙසත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිඛිතව දන්වා තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව ලිඛිතව දන්වා ඇත්තේ දකුණු පළාත් සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂකට හා හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ය.
මේ වනවිට එම අධ්‍යක්ෂවරුන් දෙපළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත ගොනුවට යැවීම සඳහා හමුදාව එන්නත්කරණය සිදුකර දත්ත එනතුරු බලා සිටින බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ කියයි.
යුද හමුදාව ෆයිසර් එන්නත් 50000ක් ලබා දීම දැන් අරඹා තිබේ.