covid-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හික්කඩුව හෝටලයක covid ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
අමාත්‍යවරියගේ පවුලේ අය සහ සමිපතමයින් ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
මේ වන විට ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත සහ අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි යන අයට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටද මෙලෙස කොවිඩ්-19 ආසාදනය වී තිබේ.







