සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශය බිලියන 12ක ගෙවීම් පැහැර හැරලා… සමාගම් සැපයුම්වලින් ඉවත් වීමේ අවදානමක්…

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය හෙළි කරයි...

by editor
ඔක්තෝබර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඔක්සිජන් සැපයුම් සඳහා පමණක් රුපියල් මිලියන150ක් ණය වෙලා… රසායනාගාර සේවා සඳහා රුපියල් මිලියන 2500ට වඩා වැඩි ණයක්…

  • ඉදිරියේ දී දැඩි සත්කාර සේවාවන් පවත්වා ගැනීමත් අර්බුදයක…

සෞඛ්‍ය අමාත්‍යංශය සැපයුම් කරුවන් සඳහා ‌ගෙවීමට නියමිත බිලියන 12ක් ගෙවීම පැහැරහැර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි.

මේ හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය සේවාවන් රැසක් අඩාල වීමට නියමිතව ඇතත් සෞඛ්‍ය ලේකම්වරයා ඒ පිලිබඳව සාකච්ඡාවක් පවා සිදුනොකරමින් සෞඛ්‍ය සේවාව කඩා වැටීමට ඉඩ හැර අයාලේ යන තත්ත්වයකට පත්කර ඇතැයි හෙතෙම පෙන්වාදේ.

මෙම මුදල් අතර රුපියල් බිලියනයක් පමණ වසරකට වඩා වැඩි කාලයත් තුළ ගෙවා නොමැති ණය මුදල්වන අතර බිලියන 4ක් පමණ මාස 6ට වඩා පැරණි ඒවාය.

ඔක්සිජන් සැපයුම් සඳහා පමණක් රුපියල් මිලියන150ක් ණය වී ඇති අතර රසායනාගාර සේවා සඳහා රුපියල් මිලියන 2500ට වඩා වැඩි ණය මුදලක් පියවීමට ඇති බව ද සඳහන්කරයි

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ හේතුවෙන් සමාගම් ගණනාවක් ඉදිරියේදී තම සේවාවන් අත්හිටුවීමට තීරණය කර ඇති අතර පසුගිය සතියේ දී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඔක්සිජන් සැපයුම අදාළ සමාගම විසින් නතර කර  ඇතැයි කුමුදේශ්   පැවසීය.

ඒ අනුව දැඩිසත්කාර සේවාවන් සියල්ල බරපතල අර්බුදයකට ලක්ව ඇති අතර MRI , CT ස්කෑන්, ශල්‍යාගාර , හදිසි ප්‍රතිකාර අංශ සහ රසායනාගාර සේවාවන් පවත්වාගත නොහැකි තත්ත්වයකට පත්විය හැකි බව ඔහු කියයි.

කෙසේ නමුත් මේ පිලිබඳ සෞඛ්‍ය ලේකම්වරයා අදාළ සමාගම් සඳහා සාකච්ඡාවක් පවා ලබා නොදෙමින් මගහරින තත්ත්වයක් පවතින බැවින් සැපයුම් නතර කරන තුරු බලා ඉදීම හැර සෞඛ්‍ය පරිපාලනය විකල්පයක් දීමට පවා හැකියාවක් හා උනන්දුවක් දක්නට නැති බවක් පෙනෙන්නට නැතැයි විද්වත් සංගමය පෙන්වාදේ.

ඒ අතර තුර අනවශ්‍ය උපකරණ සහ වියදම් සහිත ප්‍රතික්‍රීයක ගෙන්වමින් අනශ්‍ය වියදම් ගණනාවක් සිදුකර ඇති බවද පෙනෙන්ට ඇතැයි ඔහු කියයි. සමහර රෝහල් රසායනාගාර සඳහා හොඳින් ක්‍රියාත්මක වන උපකරණ තිබියදී විශාල මිල ගණන් ණය වෙමින් අලුත් උපකරණ ගෙන්වන බවද හෙතෙම පෙන්වාදේ.

එලෙස ගෙන්වන ලද සමහර උපකරණ  නිසා රුපියල් 4කට පමණ සිදුකළ හැකි සමහර පරීක්ෂණ සඳහා රුපියල් 20ක පමණ මුදලක් වැය වන බවද සමස්ථයක් ලෙස ප්‍රතික්‍රීයක මිල 4 ගුණයකින් පමණ වැඩිවන තත්ත්වයක්ද ඇතිව තිබෙන බව  ඔහු පෙන්වා දෙයි.

රවී කුමුදේශ් වැඩිදුරටත් සඳහන් කරන්නේ අනවශ්‍ය වියදම් නතර කරමින් නිසි සැලසුමකින් ක්‍රියාත්මක නොවුනහොත් අනාගතයේදි  සෞඛ්‍ය සේවාවේ කඩා වැටීම නතර කළ නොහැකි වනු ඇති බවයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  ලේඛකාධිකාරී, වැඩ ඉංජිනේරු, වැඩ අධිකාරී සේවයෙන් නෙරපයි…

Next Post

කෝවිල් ඉඩම්, පුරාවිද්‍යා බිම් බලහත්කාරයෙන් අල්ලාගෙන… නැගෙනහිර කල්ලියක් මහා පරිමාණ ඉඩම් කොල්ලයක…!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.