ශ්‍රියානි විජේසිංහ –
ඉදිරි සති දෙක තුළ සෞඛ්‍ය ඇමතිවරයා ප්රමුඛ අමාත්‍යංශය නිලධාරින් කැඳවා මෙතෙක් කලක් සෞඛ්‍ය ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත් තීන්දු තීරණයන් සම්බන්ධයෙන් සාමාලෝචනයක් සිදුකිරිමට ජනාධිපතිවරයා තිරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි
විගණකාධිපතිවරයාගේ වාර්තාවන් මගින් හෙළිදරව් වී ඇති ඖෂධ මිලදී ගැනීම පිලිබඳ තොරතුරු සම්න්ධයෙන් නිලධාරීන්ගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බැවින් මින් ඉදිරිටය ඖෂධ මිලදී ගැනීමේදී තැන් තැන් වලින් හදිසි මිලදී ගැනීම් නොකර එකම ස්ථානයකින් මිලදී ගැනීම කෙරෙහිද ප්‍රසම්පාදන මණ්ඩලය තුළ සිදුවී ඇති වංචා දූෂණයන් සම්බන්ධයෙන් සෘජුව මැදිහත් වී සොයා බැලීම කෙරෙහිද ජනාධිපතිවරයා එකඟ වූ බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසා සිටියි.







