සෞඛ්‍ය අමාත්‍යංශයේ පුරප්පාඩු වී ඇති අතිරේක ලේකම් (සෞඛ්‍ය සේවා) ධුරය සඳහා සුදුසුකම් සහිත ස්ථිර නිලධාරියකු පත් කිරීමට බලධාරීන් ප්‍රමාද කිරීම හේතුවෙන් අමාත්‍යංශයේ පරිපාලන කටයුතුවල කාර්යක්ෂමතාවට අහිතකර ලෙසින් බලපා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
අතිරේක ලේකම් (සෞඛ්‍ය සේවා) තනතුරේ කටයුතු කළ වෛද්‍ය සුනිල් ද අල්විස් මීට සති කිහිපයකට පෙර විශ්‍රාම ගිය අතර ඒ සඳහා දැනට වැඩ බැලීමට පත් කර ඇත්තේ නුදුරේදි විශ්‍රාම යාමට නියමිතව සිටින ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතිරේක ලේකම්වරියකි.
එසේ වුවද අමාත්‍යංශයේ අරේක ලේකම් තනතුර මෙතෙක් පත් කරනු ලැබ ඇත්තේ වෛද්‍ය පරිපාලන පිළිබඳව විශේෂඥතාව ඇති වෛද්‍යවරයෙකි. මේ වනවිට අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුරේ එවැනි විශේෂඥතාව සහ පරිපාලන අත්දැකිම් සහිත වෛද්‍යවරුන් ගණනාවක් සිටියද ඔවුන් ට උසස් විම් ලබා දීම පිළිබඳ ව උනන්දුවක් නොදක්වා මෙලෙස අතිරේක ලේකම්වරියක වැඩ බැලීම සඳහා පත් කර ඇත.
මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය තුළ යම් යම් සාකච්ඡා පැවැත්වී තිබුණද එම නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයකු අතිරේක ලේකම් ධුරයට පත් කරන ලෙස රාජ්‍ය සේවා කොමිසම වෙත නිර්දේශ කිරීම ප්‍රමාද වී ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.







