අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූවස් ඇළේ අවුලෙන් මුහුදු කොල්ල කල්ලිවල කල්ල මරේ?

by Lanka Sara Editor
මාර්තු 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සූවස් ඇළේ අවහිර කරමින් සිරවූ එවර්ගිවන් නෞකාව තවමත් යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වු නිසා සෙසු බහාලුම් නෞකාවන්ට විකල්ප මාර්ගයක් ලෙස අප්‍රිකාව වටා ගමන් කරමින් ඉතා දීර්ඝ, මිල අධික හා මුහුදු කොල්ලකරුවන්ගේ පාලන කලාපයක් හරහා ගමන් ගැනීමේ අවදානම් සහගත තීරණයක් ගැනීමට සිදුව තිබේ.

රතු මුහුදේ සිට නැගෙනහිර මධ්‍යධරණි මුහුද දක්වා වූ විකල්ප මුහුදු මාර්ගය සැතපුම් 15,000 ක ගමනකි. මුහුදු කොල්ලකෑම් සඳහා ලෝකයේ භයානකම මුහුදු කලාපය හරහා එම මාර්ගය වැටී ඇත.

මුහුදු කොල්ලකෑමේ සිදුවීම් වැඩිම කලාප අතුරින් ලෝකයේ ඉහළම ස්ථානයේ සිටින සෝමාලියාව පසුකර බටහිර අප්‍රිකාව සහ ගිනියා බොක්ක පසුකර අප්‍රිකානු අඟ (රයිනෝසිරස්ගේ අඟක් වැනි හැඩයකට පිහිටා තිබීම නිසා මෙලෙස හඳුන්වනු ලබයි) තරණය කිරීමට නැව්වලට සිදුවනු ඇත.

ජාත්‍යන්තර සමුද්‍ර කාර්යාංශයට පසුගිය වසරේදී පමණක් සමුද්‍රීය පැහැරගැනීම් 135 ක් වාර්තා වී ඇති අතර 130 ක් ගිනියා බොක්කෙහි සිදුවිය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

බහරේන්හි පිහිටි එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණියේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව්වලට ඇති අවදානම පිළිබඳව පසුගිය දින කිහිපය තුළ බොහෝ නැව් සමාගම් සම්බන්ධ කර සාකච්ඡා කළ බවයි.

“එහි ලොකු අවදානමක් ඇත. බහලුම් නැව් අප්‍රිකාව වටා යාමට පෙර දෙවරක් සිතීමට එය හේතුවක් විය හැකිය,” දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සොල් ප්‍රයිස් පාසලේ මහජන ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්යවරයකු වන ජෙනීව් ජියුලියානෝ පැවසීය.

අඟහරුවාදා සිට සූවස් ඇළේ දැවැන්ත එවර් ගිවන් බහාලුම් නෞකාව සිරවී ඇති අතර එහි ජපන් හිමිකරුවන් සෙනසුරාදා වන විට නැව නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ නමුත් සමහර විශේෂඥයන් පවසන්නේ නැව නිදහස් කිරීමට සති කිහිපයක් ගතවනු ඇති බවයි.

සූවස් ඇළ අවහිර වීම නිසා සැපයුම් ඇණහිටි බැවින් එම භාණ්ඩ ලැබෙන දිනය තෙක් ලෝකය බලා සිටිද්දී, මෙම අවහිර වීම වටිනාකම ගණනය කළහොත් එය පැයකට ඩොලර් මිලියන 400 ක් බව ලන්ඩන් නුවර නැව් පුවත් සඟරාවක් වන ලොයිඩ්ස් ලිස්ට් ගණන් බලා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිටරටින් ගෙනා පොල්තෙල්වල තිබෙනවා කියන මොනවද මේ පිළිකාකාරක  ඇෆ්ලටොක්සීන්

Next Post

කිරින්ද ඛණිජවැලි නිධිය ඉන්දීය සමාගමට දෙන්නට අකමැති වූ ඇමති විමල්ට මිනිස්සු හූ කියති…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.