අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිටරටින් ගෙනා පොල්තෙල්වල තිබෙනවා කියන මොනවද මේ පිළිකාකාරක  ඇෆ්ලටොක්සීන්

දේශීයව හදන පොල්තෙල්වලත් ඇෆ්ලාටොක්සීන්... මේ විෂ පරීක්ෂා කරන්න නිසි ක්‍රමවේදයක් නෑ...

by editor
මාර්තු 27, 2021
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

  • සන්නාම යටතේ අලෙවි වන නිෂ්පාදන 05කත් විෂකාරකය හමුවෙලා

  • ඇෆ්ලටොක්සීන් හදන්නේ ආහාර බෝගවල තිබෙන දිලීරයක්!

  • වැඩිම අවදානම අක්මාවේ පිළිකා ඇතිකිරීම

  • ළමයින්ගේ ප්‍රතිශක්තිය අඩු කිරීමටත් බලපානවා

සිංහල අලුත් අවුරුද්ද සමරන්නට සිටින ශ්‍රි ලාංකිකයන්ගේ ආහාර සඳහා භාවිත කිරීමට ගෙන්වා බෙදා හරින ලදැයි කියන විෂ පිළිකාකාරක අඩංගු පොල්තෙල් පිළිබඳව මේ වනවිට රටම සිටින්නේ උණුසුම කතා බහකය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පර්යේෂණ ඒකකය විසින් මෙම පොල්තෙල්වල අඩංගු බවට තහවුරු කර ඇත්තේ ඇෆ්ලටොක්සීන් (Aflatoxin)  නම් විෂකාරකය ය.

මේ ඇෆ්ලටොක්සීන් මොනවාද එහි බලපෑම් කවරේද යන්න පිළිබඳව අපට මූලික දැනුවත් වීමත් පැවතීම මේ මොහොතේ වැදගත් වන්නේ එය අප භාවිතයට ගන්නා  ආහාර නිෂ්පාදන රැසක අඩු වැඩි වශයෙන් අන්තර්ගත වන තත්ත්වයක් පැවතීම නිසා ය.

Aflatoxin යනු කුමක් ද?

Aflatoxin දිලීරය

ඇෆ්ලටොක්සීන් යනු පිළිකා ඇති කරවිය හැකි විෂ රසායනයකි. මෙම විස රසායනය නිපදවන්නේ දිලීරයකි. ඇස්පර්ජිලස් නම් විශේෂයට අයත් දිලීර විශේෂ දෙකක් විශේෂයෙන් මෙම විෂ රසායනය නිපදවයි.  මෙම ඇස්පජිලර්ස් දිලීරය සුලබ ව හමුවන්නේ කෘෂි බෝග පදනම්ව සකස් කර ගැනෙන ආහාර හෝ ආහාරමය දුව්‍ය තුළය. විශේෂයෙන් රට කජු, පොල්, කජු, බඩ ඉරිඟු වැනි බෝග තුළ මෙම දිලීරය පවතින අවස්ථා ඇත.  අප රට වැනි ඝර්ම කලාපීය ආර්ද්‍රතාව වැඩි පරිසරවල මෙම දිලීරය වැඩි වශයෙන් හමුවන අතර එය ආහාර විස කරවීමට බලපාන ප්‍රධාන පෙළේ හේතුවක් බව සැලකෙයි.

පර්යේෂකයන් පවසන ආකාරයට ඇෆ්ලටොක්සීන් හේතුවෙන් වැඩිම අවදානමක් ඇත්තේ  අක්මා පිළිකා සඳහාය. ඊට අමතරව වකුගඩු පිළිකා ඇතුලු විවිධ පිළිකා  ඇති වීමේ අවදානමක් පවතින අතර එකවර වැඩි ප්‍රමාණයක් ඇප්ලටොක්සීන් ශරීරගත වුවහොත් මරණය පවා ගෙන දිය හැකිය.  එසේම කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිය ඌන කරවීමටද මෙය බලවත් හේතුවක් වන අතර මේ නිසාම ලොක්යේ ඇෆ්ලටොක්සීන් හඳුනා ගැනීම පිළිබඳව පර්යේෂණවලට විශාල ඉල්ලුමක් ඇත.  එබැවින් ආහාරවල ඇෆ්ලටොක්සීන් අන්තර්ගත වීම බොහෝ දුරට පාලනය කිරිමට අදාළ පියවර ආහාර නිෂ්පාදකයන් මෙන්ම පාරිභෝගිකයන්ද කටයුතු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලංකාවේ තෙල්වලින් සියට 38ක Aflatoxin විස…

 

ආහාරවල ඇෆ්ලාටොක්සීන් දිලීරය

ශ්‍රි ලංකාවේ ආහාර සම්බන්ධයෙන් සැලකීමේදී මෙරට ජනතාවගේ ආහාර සංස්කෘතිය සමඟ බැඳී ඇති ආහාරවල ඇෆ්ලටොක්සීන් අන්තර්ගත වීම සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් මෙරට පර්යේෂකයන් විසින් සිදු කරනු ලැබ ඇත. එයින් පෙනී ගොස් ඇත්තේ මෙරට අලෙවි වන සහල් ඇතුළු ඇතැම් ධාන්‍ය වර්ගවල, වියළි මිරිස් , රට කජු, කඩල වැනි බෝග නිෂ්පාදනවල මෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදනවලද මෙරට අලෙවි වන සන්නාම සහිත පොල් තෙල් වර්ගවල මෙන්ම වෙළෙඳපොලේ ඇති සැහැල්ලු පොල්තෙල්වලද ඇෆ්ලටොක්සීන් විෂකාරකය වරින් වර අඩංගු වූ බවය. මීට කලකට පෙර ඉන්දියාවෙන් ආනයනය කරන ලද විශාල වියලි මිරිස් තොගයක් මෙරට කුළුබඩු අලෙවියේ නම් දැරූ සමාගම් කිහිපයක්ම රේගුවෙන් නිදහස් කරගෙන ජනතාවට ඔවුන්ගේ සන්නාම යටතේ අලෙවි කොට ඇත.

ශ්‍රි ලංකාවේ වෙළෙඳපොලේ පවතින විවිධ ආහාරමය තෙල් වර්ගවල ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය පිළිබඳව ද විවිධ පර්යේෂණ ගණනාවක් සිදුව ඇති අතර 2019 වසරේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සහ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ පර්යේෂකයන් පිරිසක් එක්ව සිදු කරන ලද පර්යේෂණයකදී  පෙනී ගොස් ඇත්තේ ශ්‍රි ලංකාවේ භාවිත වන පොල්තෙල්වලින් සියයට 38කම ඇෆ්ලටොක්සීන් විෂ අන්තර්ගත ව ඇති බවය. ඇෆ්ලාටොක්සීන් විෂ වර්ගයෙටහිද  ප්‍රභේද කිහිපයක් දරන අතර එයින් සමස්ත ඇෆ්ලාටොක්සීන් ප්‍රමාණය පිළිබඳව යුරෝපා සංගමය නිර්දේශ කරන උපරිම අගය විය යුත්තේ කිලෝ ග්‍රෑමයකට මයික්‍රෝග්‍රෑම් 4කි. එසේ වුවද මෙම පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ මෙරට අලෙවිවන පොල්තෙල්වල කිලෝ ග්‍රෑමයකට මයික්‍රෝ ග්‍රෑම් 2.25ත් 72.70.ත් අතර ප්‍රමාණයවක් පවතින බවය.

ලංකාවේ නිපදවන තෙල්වලත්  Aflatoxin විස

මෙම පර්යේෂකයන් වෙළෙඳපොලේ පවතින පොල් තෙල් සාම්පල 12ක් ලබාගෙන ඇති අතර එයින් ප්‍රකට වෙළෙඳ සනනාම 5ක් සහ සැහැල්ලු තෙල් සාම්පල 07ක් ලබාගෙන ඇත. මෙම සාම්පල සියල්ලම කොප්පරාවලින් තෙල් නිස්සාරණය කරන ලද තෙල් වන අතර ඒවායේ අඩංගු වූ ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය සෙසු ආහරමය තෙල්වලට සාපේක්ෂව ඉතා ඉහළය. බොහෝ විට නිසි ලෙස ගබඩා නොකිරීම නිසා නරක් වූ පුස් කෑ එනම දිලීර බැඳුණු කොප්පරා භාවිතයෙන් මෙම ඇෆ්ලටොක්සීන් එයින් නිෂ්පාදනය කරන පොල්තෙල්වලට එකතු වීම සිදුවේ. පසුගියදා විදේශවලින් ආනයනය කරන ලද තෙල්වල මෙම විස අන්තර්ගතවන බවට දැවැන්ත ප්‍රචාරයක් ගියද සත්‍ය තත්ත්වය නම් මෙරට නිෂ්පාදනය කරන පොල්තෙල් වර්ගවලද ඇෆ්ලටොක්සීන් අන්තර්ගත වී ඇති බවය.

අනෙක් කතාව නම් මෙරට අලෙවි වන දේශීය හෝ විදේශීය තෙල් වර්ග මෙම විෂ කොපමණ අනතුරුදායක වුවද නිසි ලෙස පරීක්ෂා කිරීමේ පසු විපරම් කිරීමේ ක්‍රමයක් නැත. ඒ කටයුතු පහසුවෙන් කර ගැනීමට විද්‍යාගාර පහසුකම්ද නැති අතර අහඹු ලෙස කලාතුරකින් ගන්නා සාම්පල හැරුණු කොට ඇෆ්ලටොක්සීන් සහිත පොල්තෙල් සොයා හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය සොයා විශේෂ පරීක්ෂණ කිරීමට සෞඛ්‍ය හෝ පාරිභෝගික අධිකාරී බලධාරීන්ට හැකියාවක් නැත. මේ තත්ත්වය තුළ අපට පිටරටින් ගෙනාවත් දේශීය ව්‍යාපාරවලින් ආවත් අවංකව පිරිසිදුව නිෂ්පාදනය නොකරන පොල් තෙල් පමණක් නොව සහල් ඇතුළු ආහාරවර්ග රැසකින් මෙම පිළිකාකාරක විෂ ශරීරගත වීමේ අවදානමක් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චීනය සමග ගනුදෙණු කර ලංකාව වැටුණු වලේ වැටෙන්නෙ නෑ…බංගලාදේශය කියයි…

Next Post

සූවස් ඇළේ අවුලෙන් මුහුදු කොල්ල කල්ලිවල කල්ල මරේ?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

Comments 1

  1. Deepal Manjula says:
    වසර 5ක් ago

    Excellent

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.