සූරියවැව නුවන් ජයසේකර –
තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් සීමාපහුව ආරාණ්‍ය සේනාසනය මාර්ගයේ ගල්කොටුකන්ද රක්ෂිත ප්‍රදේශය ආසන්නයේ ගොවිතැන් කටයුතුවල නිරත වෙමින් සිටි පුද්ගලයකු වනඅලි ප්‍රහාරයකට ලක්ව ඊයේ ( 07 ) මියගොස් ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.
වන අලි ප්‍රහාරයට ලක්ව මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල සූරිආර ලිපිනයේ පදිංචි විදානගමගේ චන්ද්‍රෙස්න නැමති 65 හැවිරිදි ගොවි මහතෙකි.
මියගිය පුද්ගලයා ගල්කොටුකන්ද කැලෑ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සිදුකරමින් සිටින අවස්ථාවේ මෙම වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.
ගම්මුන් පවසන්නේ තණමල්විල හා අවට ප්‍රදේශවලට කලක් තිස්සේ දැඩි ලෙස වන අලි කරදර පවතින බවත්, වන අලි ගැටලුවට විසඳුමක් ලෙස ඉදිකර ඇති විදුලි වැටද නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත්ය.