කීර්ති ප්‍රනාන්දු –
ඔලිම්පික් පදක්කම් ලාභී ධාවන ශූරියකවන සුසන්තිකා ජයසිංහට කොවිඩ් ආසාදිතව ඇතැයි වාර්තා වේ.
රෝග ලක්ෂණ පෙන්වීමත් සමග කළ පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව ඇයට කොවිඩ් ආසාදිතව ඇති බව තහවුරු වී තිබේ.
ඇය මේ වනවිට 47 වැනි වියේ පසුවේ.
ඇයගේ දරුවන් දෙදෙනාට ද කොවිඩ් ආසාදිත බවත් ඔවුන් සමග ප්‍රතිකාර සඳහා යොමුවන බවත් සුසන්තිකා ප්‍රකාශ කර ඇත.