ශ්‍රියානි විජේසිංහ –
මූල්‍ය අර්බුදය හේතුවෙන් සුව සැරිය ගිලන්රථ සේවාව් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැවින් එම සේවාව පවත්වාගෙන යාම සඳහා මෙරටට පැමිණෙන විදේශීකයන්ගෙන් එක් අයෙකුගෙන් ඩොල්ර් 20ක මුදලක් අයකර ගැනිම කෙරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.
මෙම මුදල ගුවන් ටිකට්පතට ඇතුළත් කර අයකර ගැනීමටත් අදාල යෝජනාව එළඹෙන අයවැය ලේඛණයට ඇතුළත් කිරීමට යෝජනා කර ඇතැයි අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.
සංචාරකයින් මෙරට රැදී සිටින කාලය තුළ ඔවුන්ට සිදුවන හදිසි අනතුරු වලදී අනතුර වූ ස්ථානය වෙත ට ගොස් එම විදේශීකයාගේ අභිමතය පරිදි ඔහුව හෝ ඇයව රජයේ හෝ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමට මේ අනුව සුවසැරිය සූදානම් කරනු ඇතැයි ඔහු පැවසුවේය.
මීට අමරතව සෑම ජීවිත රක්ෂණයකින්ම වාර්ෂිකව රුපියල් 200ක මුදලක් සුවසැරිය නඩත්තු කිරීම සඳහා වූ අරමුදලකට බැර කරන මෙන් යෝජනාවක්ද ලබන අයවැය ලේඛණයට ඇතුළත් කිරීමට අදහස් කර ඇතැයිද එම ප්‍රකාශකයා පැවසීය.







