කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඇති සියලුම සුරාසල් වසා මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කටයුතු කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ගේ 2021.08.20 දිනැති මාධ්‍ය නිවේදනය අනුව අත්‍යාවශ්‍ය සේවාවක් නොවන බැවින් ද සුරාබදු කොමසාරිස්ගේ අවසරයකින් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අනුමැතියකින් විවෘත කිරීමට අනුමැතිය ලබා දී නොමැති බැවින්ද නිරෝධායන ඇඳිරි නීතිය හා පවත්නා වසංගත තත්වය මත කැකිරාව සෞඛ්‍ය බල ප්‍රදේශයේ සියලුම සුරාසල් නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නියෝග කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මේ කටයුත්ත සඳහා ඍජුව පොලිසිය මැදිහත් වී නැති අතර මේ අවස්ථාවේ සුරාසල් වැසීමට හෝ නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමට නොයන ලෙස ඉහලින්ම උපදෙස් ලැබී ඇතැයි අප කළ විමසුමක දී පොලිස් ආංචි මාර්ග හෙළිදරවු කළේය.
එහෙත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ස්වකීය රාජකාරි සීමාව තුළ ක්‍රියාත්මක වෙමින් ප්‍රදේශයේ සුරාසල් හත වසා දමා මුද්‍රා තබා ඇත.
“සාමාන්‍ය සිල්ලර කඩ විවෘත කිරීමට ඉඩ නොදෙන පසුබිමක සුරාසල් විවෘත කිරීමට ඉඩ දීම තර්කාන්විත නෑ… විවෘත කළ සිල්ලර කඩ හෝ වෙනත් සාප්පු වසා දැමීමට නියෝග කළ විට ඔවුන් අපෙන් අහනවා “ ඇයි සර්.. බාර් ඇරලා තියෙද්දි අපට වහන්න කියන්නෙ…“ කියලා. අපට ක්ෂේත්රයෙ කිසිම දෙයක් කරගන්න බෑ. කොවිඩ් පාලන කටයුතු මුලුමනින්ම විකෘති වීම නවත්වා ගැනීමට මෙම තීන්දුව ගත්තා.“ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැහැදිලි කළේය.