ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් අයට දෙවැනි එන්නත ලබාදීම අද (20) සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි
එම එන්නත් මාත්‍රා එක්ලක්ෂ විසි දහසක් ඊයේ ( 19) රටට ලැබී තිබිණි.
මහනුවර දිස්ත්‍රික්කයේ ලක්ෂයකට වැඩි පිරිසකටද ස්පුට්නික් එන්නත දෙවෙනි මාත්‍රාව අද ලබා දීමට නියමිතය.
මෙම එන්නතේ පළමු මාත්‍රාව නුවර ජනතාවට ලබා දී තිබුණෙ එක් මාත්‍රාවක් වුවද ලබා ගැනීමට කැමති බවට සහතික කළ පෝරමයකට අත්සන් තබා ගැනීමෙනි.