අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුමති ටෙලී සම්මාන උළෙලේදී දිවියේ එක් වරක් පමණක් පිදෙන සම්මානයෙන් පිදුම් ලද විශාරද ඉන්ද්‍රානි පෙරේරා

by editor
පෙබරවාරි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තරීෂා අබේවික්‍රම

මෙවර (2023) සුමති ටෙලි සම්මාන උළෙලේදී ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන යූ.ඩබ්. සුමතිපාල අනුස්මරණ සම්මානය ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ඉන්ද්‍රානි පෙරේරා වෙත පිරිනැමිණි.

“මුල් සිංහල පොප් ත්‍රිත්වය ලෙස හැඳින්වෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලේවන සහ ඉන්ද්‍රානි පෙරේරා යි. ‍බොදු බැතිමතෙකු වූ අබේපාල පෙරේරා සහ කිතුණු බැතිමතියක වූ මියුරියල් පෙරේරා යුවළට දාව පෙබරවාරි 15 වැනිදා දිනෙක බො‍රැල්ලේදී උපන් ඉන්ද්‍රානි පෙරේරා ගැහැනු දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුල‍ක දෙවැනි දියණිය වූවා ය. කොළඹ ප්‍රෙස්බිටේරියන් කාන්තා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය පාසල් වියේදී සුවිශේෂ දස්කම් පෑවේ උඩරට නර්තන කලාවට මිස ගායනයට නොවේ. 

එසේ වුවත් ඇය කුඩා කල වඩාත් ප්‍රිය කළේ ගීතිකා ගයන්නියක ලෙස සැරසී පල්ලිය‍ට යාමට ය. ඩැල්රීන් සුඛීගේ “ෆයර් ෆ්ලයිස් සංගීත කණ්ඩායමට එක් වෙමින් ගායන ක්ෂේත්‍රයට පිවිසි ඉන්ද්‍රානි 1969 වසරේදී “දිල්හානි දුවනී…. ගීතය ගායනා කරමින් ගායිකාවක ලෙස ජනප්‍රියත්වයට පත් වූවා ය.

එම ගීතය ඇනස්ලි මාලේවන විසින් ඊට පෙර ගැයූ ගීතයක් වුව ද ඉන්ද්‍රානි එය ගැයීමත් සමග ඇනස්ලි යටපත් වී ඉන්ද්‍රානි ඉස්මතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්ලැරන්ස් විජේවර්ධන සහ ඇනස්ලි මාලේවන සිය සංගීත කණ්ඩායම වූ “ද මූන්ස්ටෝන්ස්” (The Moonstones) සමග ඉන්ද්‍රානි පෙරේරා ද සම්බන්ධ කර ගැනුණු අතර එහිදී ඇය පළමු වරට කළඑළි බසිනුයේ නර්තන සංදර්ශනයකට එක් වෙමිනි.

නෙළුම් තැටි නිෂ්පාදනයක් ලෙස “හා හා හොරේ දැනුනා….” ගීතය නිර්මාණය කරන අතරතුරදී මුණගැසුණු ‘’නෙළුම් තැටි” නිෂ්පාදකයා වූ ජේම්ස් ශ්‍රී නිවාසන් සමග විවාහ වීමෙන් ඉන්ද්‍රානි පෙරේරාට අංජලී චාරුකේෂි දියණිය සහ නිමේෂ් ධනංජය පුතු ලැබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

1969 වසරේ ම අග භාගයේදී ඉන්ද්‍රානි සිය සොයුරියන් දෙදෙනා වූ අයිරාංගනී සහ මල්ලිකා සමග එක් ව “ත්‍රී සිස්ටර්ස්” නමැති කාන්තා ගායන කණ්ඩායම නිර්මාණය කර ගැනුණි. වසර 10කට වැඩි කාලයක් මෙම තෙසොහොයුරියෝ ජනප්‍රියත්වය එක ලෙස රඳවා ගනිමින් ප්‍රසංග වේදිකාව ජය කෙහෙලි නංවන්නට වූ අතර 1980 වර්ෂයේදී මල්ලිකා සොයුරියගේ වියෝවෙන් පසු ඉන්ද්‍රානි සහ අයිරාංගනී එක් ව ටික කලක් ප්‍රසංග වේදිකාවේ ගී ගැයූහ. නොබෝ කලකින් අයිරාංගනී ද ගායනයෙන් ඈත් වීම නිසා ඉන්ද්‍රානි තනිව ම සිය ගායන ගමන නොනවත්වා පවත්වාගෙන එන්නට වූවා ය.

ඉන්ද්‍රානි ගැයූ තිළිනේ ලෙසින්, සුදු අසු පිට නැගලා, කාගෙද ගොන් වස්සා, වසන්තයේ මල් කැකුළයි,  අතැඟිලි බැඳුනේ වැනි ගීත අතිශය ජනප්‍රිය වූ අතර ඇය චිත්‍රපට පසුබිම් ගායනයෙන් ද ජනප්‍රිය වන්නට විය. සිකුරුළියා, ලස්සන කෙල්ල, සඳහට ම ඔබ මගේ එම චිත්‍රපට කිහිපයකි. ඩෙස්මන් ද සිල්වා සහ පෝල් ප්‍රනාන්දු සමග එක්ව බයිලා යුගලයක් පටිගත කළා ය.

සංගීත ක්ෂේත්‍රයට කළ මහඟු සේවාව අගයමින් 2014 වසරේදී ඉන්ද්‍රානි “සෝල් සවුත්ඩ්ස්” සමමානය දිනා ගත්තාය. 2015 දී ජාතික කතෝලික සාහිත්‍ය සම්මානය ද 2016 දී පළාත් සාහිත්‍ය සංගමයේ සම්මානයක් ද 2019 දී ජනාභිමාණී සම්මාන උළෙලේදී හොඳ ම සේවා සම්මානය ද දිනා ගත්තා ය.

2023 යූ.ඩබ්. සුමතිපාල අනුස්මරණ සම්මානය හිමිකර ගනිමින් ඇය පැවසූවේ 1969 වසරේ පටන් මේ දක්වා ඇයට ගී පද, ගී තනු නිර්මාණය කර දෙමින් ගායිකාවක ලෙස ජනප්‍රියත්වයක් ලබා ගැනීමට උදව් කළ සැමට බොහෝමත් ම ස්තුතිවන්ත වන බව යි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“අතින් වියදම් කරගෙන“ ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!

Next Post

ඩොලර් හිඟය නිසා පොලිස් අශ්වයින්ට දේශීය ආහාර… වැඩේ සාර්ථක බව පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.