අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අතින් වියදම් කරගෙන“ ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!

by editor
පෙබරවාරි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් අසාධු ලේඛන ගත කරන ලද කෞෂික් ෆාමසියුටිකල්ස් නම් ඉන්දීය ඖෂධ සමාගමින් ලියාපදිංචි නොකළ ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බලවතුන් විසින් දරන ලද උත්සාහ ව්‍යවර්ථ වී ඇති බව සඳහන් වේ.

ඉන්දීය ණය සහන යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වීමට උත්සාහ දරන ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීම සඳහා මෙම සමාගමද තෝරා ගෙන තිබුණද සමාගමේ පෙර පැටිකිරිය මත එම සමාගමට අනුමැතිය ලබා දිය නොහැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කිරීම ඊට හෙතු වී ඇති බවත් මේ සඳහා වෛද්‍ය ප්‍රජාවගෙන් එල්ල වූ විරෝධයද බලපෑ බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.

කෞෂික් ෆාමසියුටිකල් ආයතනයේ ඖෂධ නිෂ්පාදන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමට පසුගිය දෙසැම්බර් මාසයේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද සංචාරය කළ අතර ඔහුට සුපිරි හෝටලයක නවාතැන් ඇතුළු සංචාරය සඳහා අනුග්‍රහය අදාල ඖෂධ සමාගම් නියෝජිතයන් විසින් ලබා දුන් බවට දේශපාලන පක්ෂවලින් දැඩි විචේනයක් එල්ල විය.

එම විවේචන හමුවේ අමාත්‍යවරයා පැවසුයේ ජනතාවට ගුණාත්මක තත්ත්වයේ ඖෂධ ලබා දීම සඳහා පරීක්ෂා කිරීමට ඔහු සිය පෞද්ගලික මුදල් වියදම් කර මෙම සමාගම නිරීක්ෂණයට ගිය බවය.

පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්දීය ණය සහන ක්‍රමය භාවිත කරමින් මෙරටට අවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා උත්සාහ කරන සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශ බලධාරීන් මේ සඳහා කෞෂික් ෆාමසියුටිකල් සහ සේවරි යන සමාගම් දෙක පමණක් තෝරාගෙන ඇති අතර එම සමාගම්වලින් ලියාපදිංචි නොකළ සාර්ථකත්වය සහ ආරක්ෂාව පිළිබඳව ඇගයීමක් නොකළ ඖෂධ වර්ග 300කට ආසන්න ප්‍රමාණයක් ගෙන්වීමට කටයුතු කර ඇති බවට ඊයේද ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය ඇතුළු විශේෂඥ වෛද්‍ය සංගම් චෝදනා කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම වෛද්‍යවරුන් අවධාරණය කළේ අත්‍යවශ්‍ය ඖෂධ රැසක අඩුපාඩු පවතිද්දී කිසිදු විමසීමකින් තොරව මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ මෙන්ම අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග ගණනාවක්ද විදේශ ණය මුදල් වැය කර ගෙන්වීමට උත්සාහ දැරීම විශාල අපරාධයක් සහ අනතුරක් බවයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කල්පිටිය වෙරළට තල්මසුන් 11ක් ගොඩ ගසයි… 03ක් මිය යයි!

Next Post

සුමති ටෙලී සම්මාන උළෙලේදී දිවියේ එක් වරක් පමණක් පිදෙන සම්මානයෙන් පිදුම් ලද විශාරද ඉන්ද්‍රානි පෙරේරා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.