බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේ දී මිය යෑමට පෙර වැලිකඩ පොලිසිය තුළදී ඇයට පහර දීලා!

.

by editor
මැයි 18, 2023
in පුවත්
Raj-Kumari
Share on FacebookShare on Twitter

ටෙලි නාට්‍යය නිශ්පාදිකාවක මෙන්ම  එක්තරා වකවානුවක රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කාන්තා චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාර ගේ නිවසේ සේවයකළ මෙහෙකාරිය   පොලිස් අත්අඩංගුවේ දී  මිය යෑමට පෙර, ඇය  වැලිකඩ පොලිසිය තුළ දී පහර කෑමකට ඇතැයි හෙළි වී තිබේ.

මෙම කාන්තාව පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය ආකාරය පිළිබඳ  පැවති සැකය  නිසා  පොලිස්පති නියමයෙන්  පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකක කළ විමර්ශනයේ දී සාක්ෂි සහිතව මෙම පහරදීමේ සිද්ධිය ඔප්පු වී ඇත.

සුධර්මා පැමිණිල්ල කළ පසු සාමාන්‍ය පැමිණිල්ලක් විෂයෙහි  පොලිසිය කටයුතු කරන ආකාරය ඉක්මවා ගොස් දැඩි උනන්දු සහගතව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම අත්අඩංගුවට ගෙන ඇති ආකාරය ද නීත්‍යානුකූල නොවන බවත් විමර්ශන අංශ වෙත පෙනී ගොස් ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය

සුධර්මා නෙත්තිකුමාරගේ නිවස පිහිටා ඇත්තේ රාජගිරිය කුරේ මාවතේ රෝයල් ගාර්ඩන් පරිශ්‍රයේ ය. පසුගිය 11 වැනිදා    සුධර්මා නෙත්තිකුමාර වැලිකඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඇයගේ නිවසේ සිටි මෙහෙකාරිය ඇයගේ මුද්දක්   සොරකම් කර ඇති බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කර ඇත්තේ බදුල්ල දෙමෝදර නාවලවත්තේ පදිංචි ආර්. රාජ්කුමාර් නැමැති 42 හැවිරිදි කාන්තාවකි.

මෙම පැමිණිල්ල යොමුකරන විට මෙම කාන්තාව බොරැල්ල කොටාපාරේ නිවසක මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිට ඇත.

සුධර්මා නේත්තිකුමාරගේ පැමිණිල්ල  සිදුකර පැය කිපයක් ඇතුළත    වෙනත් නිවසක වැඩකරමින් සිටි මෙම කාන්තාව නීති විරෝධීව  අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත.

දැනට හෙලි වී ඇති පරිදි  මෙම ප්‍රශ්න කිරීම්  අතර  මෙම කාන්තාවට පොලිසිය තුළ දී පහර දී ඇත.  අනතුරුව ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවයක්  ඇති වු බව කියමින් ඇයව රෝහල් ගත කර තිබේ. .

මේ තත්ත්වය තුළ පසුගිය 11 දා  සවස 06ට     පමණ කාන්තාව  දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගතකර පැයක් ඇතුළත කාන්තාව මියගොස් ඇත. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී මරණය සම්බන්ධව විවෘත තීන්දුවක් ලබා දී ඇත.

සිද්ධිය වූ අවස්ථාවේ දී  වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඒ  ගැන විමසූ පොලිසියේ ඉහළ නිලධාරීන්ද නොමග යවමින් තොරතුරු වසන් කර තිබුණු බව ද විමර්ශනයේ දී හෙළි වී තිබේ.

මේ කාන්තාව සේවයෙන් ඉවත් වී ඇත්තේ තමන්ට සුධර්මා නෙත්තිකුමාරගේ  නිවසේ සේවය කිරීමට නොහැකි බවට ප්‍රකාශ කරමින් බව ද ඇයට මින් පෙර කිසිම අවස්ථාවක සොරකම් කිරීම පිළිබඳ චෝදනා ගොනු වී නොතිබුණ බවද   වාර්තා වේ. ඇයගේ ඥාතීන් පවසන්නේ අයැගේ නහයෙන් කටින් ලේ වැගිරී තිබුණු බවත්, පාදයක් දැඩි ලෙස ඉදිමී තිබුණු බවත්ය.

ඔවුන් එකහෙළා පවසමින් ඇත්තේ මරණය සිදුවූයේ පොලිස් පහරදීමෙන් බවය.

පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පසුගිය වසරේ අවසන් මාස 06 තුළ රටේ සියලුම රාජ්‍ය ආයතනවල  ජල, විදුලි,ඉන්ධන, දුරකථන වැය පිළිබඳ වාර්තාවක් කැඳවයි!

Next Post

යාපනයේ සිට කතරගමට පාද යාත්‍රාවේ යෙදෙන හින්දු  බැතිමතුන්ට අසිරිමලේ පන්සලෙන් දිවා භෝජන සංග්‍රහක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.