සියලුම රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල පසුගිය වසරේ ජුනි 30 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා මාස 06ක කාලය තුළ මාසිකව වැය වී ඇති ජලය විදුලිය ඉන්ධන සහ දුරකථන ඒකක ගණන පිළිබඳ දත්ත වාර්තාවක් කැඳවීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ..
මෙම දත්ත ලබාගැනීම සිදුකරනු ලබන්නේ ජාතික බලශක්ති විභවයන්, ක්‍රම උපායන් සහ මාර්ග සිතියම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් බව වාර්තා වේ.
අදාල දත්ත ලබාදෙන ලෙස සියලුම ආයතන ප්‍රධානීන් වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ වනවිට දැනුම් දී තිබේ.
මීට අමතරව මේ වසරේ ඉදිරි මාස 06 සඳහා බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කිරීමට හඳුනාගත් කාර්යයන් පිළිබඳව තොරතුරු ද ලබාදෙන ලෙස අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතනවලට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇති බව වාර්තා වේ.