සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුදු වෙන්න ක්‍රීම් හෝ එන්නත් නෑ… සුදු වෙන්න ගිහින් මැරෙන්න එපා… කොළඹ ජාතික රෝහලෙන් දැනුම් දීමක්!

by editor
අගෝස්තු 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

සම සුදුවීමට ආලේපනයන් හෝ එන්නත් කිසිවක් නොමැති බැවින් එවැනි ප්‍රචාරණයන් පිළිබඳව නොරැවටෙන්නැයි කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට තරුණ ප්‍රජාවට දැනුම් දී සිටියි.

සම සුදුකර ගැනීමට ලංකාවේ තබා ලෝකයේ හෝ කිසිම එන්නත් සඳහා අවසර දී නොමැති බවත් විවිධ ආලේපනයන්ට රසදිය , ස්ටෙරොයිඩ් (steroids), රෙටිනොයිඩ් (retinoids), හයිඩ්‍රොක්විනොන් (hydroquinone) හා බැරලෝහයන් විශාල වශයෙන් අඩංගු කිරීම හේතුවෙන් සමේ ස්වභාවිකත්වය වර්ණනය කරන මෙලනින් වර්ණකය මරා දැමීම හේතුවෙන් සම සුදුමැළිවීමක් පමණක් දක්නට ලැබනෙ බවත් විශේෂඥවරිය පෙන්වාදේ.

ආලේපනයන් තුළ රසදිය අන්තර්ගත කළ යුත්තේ කිලෝග්රෑම් 1ට මිලිග්රෑම් 1ක් පමණක් වුවද ඇතැම් ආලේපනයන් තුළ ඊට වඩා දහස් ගුණයක් පමණ රසදිය අඩංගු බව ඇය පවසයි.

මෙම ක්‍රීම් වල ස්ටෙරොයිඩ් අධික සාන්ද්‍රණයකින් එකතු කර ඇති බැවින් . මේ ස්ටෙරොයිඩ් නිතරම සමේ ගැල්වීම නිසා සම තුනී වී පුපුරලා පැලීයා හැකි බවත් එය නැවත යථා තත්තවයට පත් කළ නොහැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය පවසයි. එමෙන්ම සම ඉක්මනින් වයසට යෑම, දිලීර ආසාදනයන්ට ගොදුරුවිමේ අවකාශය වැඩි වීම සිදුවන බව විශේෂඥවරිය පෙන්වා දෙයි.

ඇය පවසන්නේ ස්ටෙරොයිඩ් බරපතල අනතුරු ගණනාවක්ම අපට ඇති කරන අතර සම හරහා ලේ වලට අවශෝෂණය වී ශරීරය පුරා පැතිර ගොස් දියවැඩියාව, හෝමෝන අසමතුලිතතාවයන්, ඇසේ පීඩනය වැඩි කර අන්ධභාවය ඇති කිරීම , අස්ථි දිරීම වැනි භයානක තත්ත්ව උදාහරණ ලෙස දැක්විය හැකි බවය.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

තවද ක්‍රීම් වල රසදිය ඇතුළු බැරලෝහයන් විශාල වශයෙන් අන්තර්ගතව පවතින බැවින් සම හරහා අවශෝෂණය වී වකුගඩු, ස්නායුරෝගයන්, පිලිකාවන් මෙන්ම මව්කිරි හරහා වැදෑමහ හරහා ගමන් කර නූපන් දරුවන්ට පවා ආබාධයන් ඇතිකල හැකි බව ඇය හෙළිදරවු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති හඳුන්වා දුන් වට්ස් ඇප් අංකයට පොලිස් කුපාඩිකම් ගැන එක දවසකට පැමිණිලි 2000ක්…

Next Post

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගය විවාදයට නොගෙනම විසිවෙයි!

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.