බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුදුලූනු වංචාව ඇල්ලු පාරිභෝගික අධිකාරිය අධ්‍යක්ෂකට මරණ තර්ජන!  ඉල්ලා අස්වෙන්නත් කියයි

by editor
සැප්තැම්බර් 18, 2021
in පුවත්
Thushan-
Share on FacebookShare on Twitter

පසුගියදා සතොස ආයතනයේ සිදුවූ සුදුලූනු වංචාව හෙළිදරව් කර ගැනීමෙන් පසුව පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්වන ලෙසට තමන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බවත් ලැබුණු මරණ තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පවසයි.

සතොස ආයතනයේ සුදුලූනු කිලෝ ග්‍රෑම් 56,000ක් කුණු කොල්ලයට තොග ව්‍යපාරිකයකුට අලෙවි කිරීමේ වංචාව පිළිබඳව ඔහු හෙළිදරව් කළ කරුණු මෙසේය.

“මට දුරකථන ඇමතුමකින් තොරතුරක් ලැබුණා,  සතොසෙ සුදු ලූණු තොගයක්  පෞද්ගලික වෙළෙන්ඳකුට විකුණලා දැන් ඒවා යේ පොත්පත් වාර්තා හදනවා කියල. මම ඒ වෙලාවෙම කණ්ඩායමක් එතනට යැව්වා. එයින් අපට වංචාව අතටම අල්ල ගන්න පුළුවන් වුණා. මේ සුදු ලූනු ගෙන්වලා තිබෙන්නේ කිලෝ ග්‍රැම් එක 355ට. නමුත් මේව විකුණලා තියෙන්නේ පෞද්ගලක අංශයට රුපියල් 135 ගානේ. මුලු ගනුදෙනුව රුපියල් ලක්ෂ 74යි.

මේ සුදුලූණුවල දැන් මිල රුපියල් 540යි. මෙහිදී සිදුවන්නේ රුපියල් 135ට පිටතට යන සුදුලූනු නැවත රුපියල් 450ට යළි සතොසෙටම එනවා.  මේ සිදුවීමට මේ වනවිට නියෝජ්‍ය සාමන්‍යාධිකරීවරයෙක් අත් අඩංගුවට අරන් තිබෙනවා. මේ සඳහා ඉහළ පහළ දෙකේම සම්බන්ධතා තිබෙනවා. නැතිනම් වංචාව හසුවෙලා පැයක් යන්න කලින් කිසිම පරීක්ෂණයක් නැතිව කොහොමද කියන්නෙ මේකට ඉහල කළමනාකරීත්වයෙන්  කිසිම සම්බන්ධයක් නෑ කියල.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

කොහොම වුණත් සිදුවීමෙන් පසුව මට විවිධ බලෑම් එල්ල වනවා. ජීවිතයට තර්ජනයක් වෙයි මේ තනතුර අතඅරින්න කියල කියනවා. කිසිම දේශපාලකයෙක් සෘජුව බලපෑම් කරන්නේ නෑ. නමුත් වෙනත් මාර්ගවලින් මට අස්වෙන්න කියල පණිවිඩ එනවා.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙිමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වෘත්තියෙන් තාක්ෂණ ඉංජිනේරුවකු වන තුෂාන් ගුණවර්ධන පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහය ලබා දුන් බවත් උසස් තනතුරුවලට පුද්ගලවයන් පත් කිරීමේ අයදුම්පත් හරහා පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරට පත් වූ බවද සඳහන් කරයි.

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත් කළ නිලධාරීන් සහ සභාපතිවරුන් ජනාධිපතිතුමා ගෙන්වා කෙළින් වැඩ කරන ලෙසත් කිසිදු විටෙක වැරදි දේවල් අනුමත නොකරන ලෙසත් ප්‍රකාශ කොට සියලු දෙනා දිරි ගැන්වුවද සෘජුව තීන්දු ගැනීමේදී පසුගිය කාලය තුළ ගැටලු රාශියක් පැන නැගලුණු බව ඔහු අනාවරණය කළේය.

එවැනි අත්දැකීමක් ලද මුල් අවස්ථාව ලෙස ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර පාරිභෝගික දිනය වෙනුවෙන් පවත්වන වැඩ සටහනකට අධිකාරියේ මුදල්වලින් ලක්ෂ හතරක් ලබා ගැනීමට අනුමැතිය ලබා ගැනීම බවත් එහිදී මෙම රජයේ මුදල් පාරිභෝගිකයන්ට සෙතක් වන වැඩකට මිස දේශපාලන ප්‍රචාර සඳහා නොයොදන ලෙස තමන් දැමූ සටහන හේතුවෙන් අදාළ අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් අමනාප වු බවද ඔහු මෙහිදි සඳහන් කළේය.

“අපි මේ තනතුරුවලට ආවේ වැඩ කරන්න. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යෙය් දැක්ම කියවල. දැන් එතන සෞභාග්‍යයේ  දැක්මක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ ගැනන කලකිරීමක් තිබෙනවා. මේ නිසා මම තවදුරටත් මේ තනතුරේ කටයුතු කිරීමේ බලාපොරොත්තුවක් නෑ. “ යයිද තුෂාන් ගුණවර්ධන   සඳහන් කළේය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි චීනෙට රැවටිලා ද? නැතිනම් අපි අපිම රැවටෙනව ද?… උමතු පොහොර කතාවේ මුල මැද අග

Next Post

කොවිඩ් මරණ 12000 ඉක්මවා යයි….

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.