බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීතා අම්මාන් කෝවිලේ අභිෂේක මංගල්‍යය වෙනුවෙන් ඉන්දියාවේ සරයු නදියේ පූජනීය ජලය මෙරටට….

by lankasara-editor
අප්‍රේල් 28, 2024 - Updated on අප්‍රේල් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල – 

සීතා දේවිය වෙනුවෙන් කැප වූ සීතාඑළිය ප්‍රදේශයේ පිහිටා ඇති සීතා අම්මාන් කෝවිලේ අභිෂේක මංගල්‍යය සඳහා ඉන්දියාවේ සරයු ගංගාවේ පූජනීය ජලය ශ්‍රී ලංකාව ට එවීමේ ක්‍රියාවලිය ඉන්දියාව විසින් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සීතා අම්මාන් කෝවිලේ අභිෂේක මංගල්‍යය එලඹෙන මැයි 19 වන දින සිදු කිරීමට නියමිත ව ඇති අතර ආගමික වතාවත් සඳහා සරයු ගංගා ජලය සහ සීතා දේවියගේ පිළිමය කැප කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නියෝජිතයන් උත්තර් ප්‍රදේශ් හි රජයට ලිපියක් යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වල සඳහන් වන්නේ.

උත්තර් ප්‍රදේශ් හි ප්‍රාන්ත රජයේ නියෝගය යටතේ සරයු ගංගාවේ ශුද්ධ ජලය ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කිරීමේ වගකීම  සංචාරක දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. මෙම තීරණය මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආගමික හා සංස්කෘතික හුවමාරු සඳහා පහසුකම් සැලසීමට ඉන්දීය රජය දක්වන කැපවීම පෙන්නුම් කරන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා. එමෙන්ම සීතා අම්මාන් කෝවිලේ පැවැත්වීමට නියමිත අභිෂේක මංගල්‍යයයේ වැදගත්කම සහ හවුල් සංස්කෘතික උරුමයන් හරහා ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම මින් ඉස්මතු වන බව ද එරට මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි අයෝධ්‍යා නගරයේ ඇති ශ්‍රී අයෝධ්‍යා ජී තීර්ථ විකාස් පරිෂාද් හි ප්‍රධාන විධායක නිලධාරී සන්තෝෂ් කුමාර් ෂර්මා, සීතා අම්මාන් කෝවිලේ නියෝජිතයින්ගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා තම කැපවීම ප්‍රකාශ කර තිබෙන අතර, මැයි 19 වන දිනට යෙදී ඇති චාරිත්‍ර සැලසුම් කළ පරිදි ගෞරවාන්විතව හා අව්‍යාජභාවයෙන් සිදු කිරීමට සහතික වී තිබෙනවා.

සීතාඑළියේ පිහිටා තිබෙන සීතා අම්මාන් කෝවිල

සීතා අම්මාන් කෝවිලේ උත්සවය සැලකෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමගිය සහ අධ්‍යාත්මික සම්බන්ධතාවයන් ගේ සංකේතයක් ලෙසයි. එහි වැදගත්කම ආගමික සීමාවලින් ඔබ්බට විහිදෙන අතර ජාතීන් දෙකෙහි හවුල් ඉතිහාසය සහ සංස්කෘතික උරුමයන් විදහාපාන බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ඉරණම කෙසේ විසඳේවිද……

Next Post

අඩු ආදායම් ලාභීන්ට දුන් ජරා හාල් ගැන හෙළිකළ වින්දිත පුද්ගලයා පොලිසියට කැඳවයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

Comments 1

  1. Pali says:
    වසර 2ක් ago

    ආරක්ෂණ පනත් Quarantine Law අනුව වෙනත් රටක සිට ජලය ගෙන ඒම තහනම් ක්‍රියාවක්.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.