බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියලු දෙනා එකතු වුනොත් රට සීඝ්‍රයෙන් සංවර්ධනය කර සුරක්ෂිත රටක් හදා දෙනවා… ජනපතිගෙන් පොරොන්දුවක්!

by editor
පෙබරවාරි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමිනි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලස විවෘත කෙරිණි.

“වෙනසක් සඳහා නායකත්වය”යන තේමාව යටතේ පෙබරවාරි 20 වනදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ජාතික ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බාලදක්ෂ  නායකයන් 11,500ක පමණ පිරිසක් එක්ව සිටිති. ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරමින් කණ්ඩායමක් කඳවුරට එක්ව සිටින අතර පෝතක බාලදක්ෂයන් සඳහා ද මෙවර අවස්ථාව හිමිකර දී තිබීම විශේෂත්වයකි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

10 වනි බාලදක්ෂ ජම්බෝරිය අද ත්‍රිකුණාමලයේදී පැවැත්වෙනවා. ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම බාලදක්ෂ බාලදක්ෂිකාවන් මීට සහභාගී වී සිටිනවා. අද ඔබ මීට සහභාගී වන්නේ තමන්ගේ පාසල වෙනුවෙන් නොවෙයි, තමන්ගේ ආගම වෙනුවෙන් නොවෙයි, තමන්ගේ ජාතිය වෙනුවෙන් නොවෙයි, අද ඔබ මෙතනට පැමිණ සිටින්නේ ශ්‍රී ලාංකික බාලදක්ෂයෙක් ලෙසයි. අප සියලුදෙනාම ශ්‍රී ලාංකිකයෝ.

මෙතනට පැමිණි සියලුදෙනාටම පළමුව මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා. අද ඔබ සියලුදෙනාගේ මේ සාමුහිකත්වය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල සම්බන්ධතාවක් ගොඩනඟනවා. ඒ වගේම කොළඹ සහ ත්‍රිකුණාමලය දක්වා මිත්‍රත්වයක් ගොඩනැ‍ඟෙනවා. ඔබේ එකමුතුකම වැඩි වෙනවා. ඒ නිසා මේ ජම්බෝරිය මඟින් විශේෂ මෙහෙවරක් සිදු වෙනවා.

බාලදක්ෂ ව්‍යාපාරයෙන් බිහි වන්නේ මේ රටට අවශ්‍ය යහපත් පුරවැසියන් පිරිසක්. ප්‍රධාන බාලදක්ෂයා ලෙස මම මෙම වගකීම භාරගත් අවස්ථාවේදී ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගෙන් විමසා සිටියා මෙහි සාමාජිකත්වය ලක්ෂ 02ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපට හැකියාවක් තිබෙනවද කියා. එය කළ හැකි බව එතුමා ප්‍රකාශ කළා. එබැවින් සියලුදෙනා එක්ව මෙම බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කරගත යුතුයි. ඉදිරියේ දී එම සාමාජිකත්වය දෙලක්ෂ පනස්දහස දක්වා ඉහළ නංවාගත හැකියි.  මේ සඳහා ගැටලුවක්ව පැවතියේ සම්පත් ප්‍රමාණවත් නොවීමයි. බාලදක්ෂ ව්‍යාපාරය ලක්ෂ 02ක ඉලක්කය සම්පූර්ණ කළ විට එම වැඩකටයුතු සඳහා මීට වඩා මුදලක් ලබාදීමට අපේක්ෂා කරන බව සඳහන් කිරීමට කැමතියි. නමුත් ඒ සඳහා සැලැස්මක් අවශ්‍යයි.

ඒ වගේම මෙවැනි ව්‍යාපාර තුළින් නව දැනුම හා නව තාක්ෂණය ලබාදිය හැකියි. ඒ වගේම ලබන වසරේ ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන අවස්ථාව වන විට කෘත්‍රිම බුද්ධිය ලබාදිය හැකියි. නව දැනුම ලබාදෙන මාර්ගයක් ලෙසත් මෙම බාලදක්ෂ ව්‍යාපාරය අපට භාවිතයට ගත හැකියි. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසාදීමට මම බලාපොරොත්තු වෙනවා.

කෘෂිකර්ම නවීකරණය, පරිසරය ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්‍රද මෙම බාලදක්ෂ ව්‍යාපාරය සමග එක් කිරීමට අපේ සහාය ලබාදෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයෙන් අප බලාපොරොත්තු වෙන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරයි කියලා. දැනට ඔබ  එය සිදු කර තිබෙනවා. අනාගතයේදී එය තවදුරටත් ශක්තිමත්ව සිදු කරනු ඇතැයි අප බලාපොරාත්තු වෙනවා.

බාලදක්ෂයන් පමණක් නොවෙයි අනිත් සියලුදෙනාටත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරිමට තිබෙනවා. එය අප සියලුදෙනා විසින් ඉටු කරනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. දේශපාලනයේ සිටින අය එය ඉටු කරනවාද කියන එක ගැටලුවක්. මීට වසර දෙකකට පෙර අප සියලුදෙනාම දුක් වින්දා. විදුලි බලය තිබුණේ නැහැ, ඉන්ධන තිබුණේ නැහැ, ගොවිතැන් කිරීමට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ. තුන් වේලට ප්‍රමාණවත් ආහාර තිබුණේ නැහැ. ඉතා අසීරු යුගයක් අපි පසු කළේ. අපේ රට බංකොලොත් වුණා. නමුත් දැන් ක්‍රමානුකූලව එම බංකොලොත්භාවයෙන් මිදෙමින් සිටිනවා. ජනතාවට අප යම් සහන ලබාදුන් නමුත් තවත් අසීරුකම් තිබෙනවා. නමුත් රට ජයග්‍රහණය කරවීමට නම් අප මේ මාවතේ ඉදිරියට යා යුතුයි.

රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමෙන් පසු අප සියලුදෙනාගේ ඊළඟ යුතුකම වන්නේ මීට වඩා හොඳ රටක් මතු පරපුර වෙනුවෙන් ගොඩනඟා දීමයි. නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන ලෙස රට ගොඩනැඟිය යුතුයි. දේශපාලනඥයන් තවම ඒ සඳහා සූදානම් ද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

අපි සියලුදෙනා එකතුව මේ ගමන යමුයි කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. අප සියලුදෙනා එකතුවුවහොත් තවත් වසර 10-15ක් යන විට හොඳ රටක් බිහිකර ගත හැකියි. එය මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අප ඉටු කළයුතු යුතුකම ලෙස මම ප්‍රකාශ කිරීමට කැමතියි.

ජාතික බාලදක්ෂ ජම්බෝරියට මම නැවතත් මගේ සුබපැතුම් පිරිනමනවා.

ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, පාකිස්තානය ,බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 28ක බාලදක්ෂයින් 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා එක්ව සිටී.

ජම්බෝරිය පැවැත්වෙන සෑම දිනකම බාල දක්ෂයන් සඳහා විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර ගිනි මැල සන්දර්ශන, සංස්කෘතික සංදර්ශන  ද ඊට ඇතුළත් වේ.  අද (21) සිට පෙරවරු  9.00 සිට රාත්‍රි 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් ජම්බෝරිය විවෘත කර ඇත.

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, ජම්බෝරි නායක ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ආසියා ශාන්තිකර කලාපයේ උපසභාපති හා ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ   නියෝජිත සයිමන් බොක්‍රේ,  බාලදක්ෂ කඳවුරු සංවිධායක කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණුවීම් කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ  කුසන්තා හේරත්,   නියෝජ්‍ය ජම්බෝරි නායක නියෝජ්‍ය කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ්   ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විමල් අමු ගවයෙක් බව හරීන් කියයි!

Next Post

දරුවන් 1500-2000 අතර පිරිසක් මේ වනවිට බන්ධනාගාරවල…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.