ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතක දී, ලංකාවේ ආර්ථිකය ශක්තිය ගොඩනගන ප්‍රධාන ආයෝජන ඉන්දියාවෙන් ලැබෙමින් පවතිද්දී ෙඑතිහාසික වශයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති සංස්කෘතික, දේශපාලනික හා සමාජයයීය සම්බන්ධතාවය ගැන කතා කළ දීර්ඝ කතාවක් අතර කියැවුන එක් වචනයක් හුදකලාකොට රැගෙන පාර්ලිමේන්තුවෙ හම්බපට්ට ගහන අමු ගවයෙක් ඉන්නා බව හරීන් ප්‍රනාන්දු අද (21) පාර්ලිමේන්තුව තුළ පැවසීය.
ඔහු කීවේ අවස්ථා සම්බන්ධය නොවිමසා වචනයක් හුදකලාකොට ගෙන තමන් ජාති ද්‍රෝහියෙක් කිරීමට දරන උත්සාහය පිළිබඳව තමන් කණගාටු වන බවය.
“ඉන්දියාවත් ලංකාවත් අතර ඉතිහාසයේ තියන සම්බන්ධතාවය එක්ක කතා කරනකොට මා කීවා “ Sri Lanka is a part of India” කියන එක. ඒ් වචන කීපය වෙනම අරවන් මා කළේ ව්‍යවස්ථානුකූලව වැරදි දෙයක් ලෙස අර්ථකථනය කරලා හම්පට්ට ගහන්න හදන අමු ගවයෙක් මේ පාර්ලිමේන්තුවෙ හිටියා කියන එක මේ අවස්ථාවේ දි මම මතක් කරන්නට ඕන.”
“ඒ ගැන මම කණගාටු වෙනවා”
හරීන් ප්‍රනාන්දු මේ ප්‍රකාශය කරන්නට හේතු වන්නේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව තුළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් ගෙවිඳු කුමාරතුංගගේ කාලයත් ඉල්ලා ගෙන විනාඩි 12ක් තුළ පාර්ලිමේන්තුව තුළ කළ කතාවට පිළිතුරු දෙමිනි.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊයේ කීවේ මේ සිදුවන්නේ රනිල් වික්‍රමසිංහගේ මහා පාවාදීමේ කොටසක් බවත් ඒ් විනාශ හැට නව ලක්ෂයේ ජන වරම සහිත පොහෝට්ටු මන්ත්‍රීවරුන්ට නොකියන, රනිල් වික්‍රමසිංහ සිය සගයන් සමග ඒක්ව ගහන ගේමක් බවය.
මන්ත්‍රීවරයා කීවේ බොරළුගොඩ සිංහයාගේ පුතා වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මේ අපරාධයට අත ඔසවමින් පූස් පැටියෙක් සේ නිහඬව සිටින බවය.
විමල් වීරවංශගේ කතාව උත්තර දුන් හරීන් ප්‍රනාන්දු පෙන්වා දුනනේ ලෝකයේ කිසිම රටක් ආයෝජන නොමැතිව ගොඩනැගී නැති බවත් ඉන්දියාව සංචාරක කර්මාන්තය වෙනුවෙන් සිය රටින් පිට සිදුකරන විශාලම ආයෝජනය ලංකාව තුල සිදුකරන බවත්ය.
ලී ක්වාන්යූ, මහතීර් මොහොමඩ් ගෙනැවිත් රට බංකොලොත් කළ, තුන්මුල්ලේ ලෙමන් පෆ් උපවාස කළ, බලය ඇති කාලයේ දී එලිපිට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ පටි ගැලවූ මෙමපුද්ගලයාගේ දේශපාලනය කුමක් දැයි රටම දන්නා බව කී හරීන් ප්‍රනාන්දු ඉන්දියාවෙන් රටට වැඩිම වාසි ලැබෙන අවස්ථාවක ඔහු මේ සිදුකරන්නේ අධම පහත් ක්‍රියාවක් බවය.
“අපි සහෝදරයො කියලා කියන් පුලුවන් වෙලාවක් මේ ගත වෙන්නේ. ඉන්දියානු ක්‍රෙඩිඩ් ලයින් එක දෙනකොට ඉන්දියාව හොඳයි. ඉන්දියාවෙන් සංචාරයයො ඒනකොට ඉන්දියාව හොඳයි. ” ඒ සහෝදරත්වය ගැන කතා කිරිම ගැටලුවක් වුනේ කෙසේ දැයි හරීන් ඇසුවේය.