ශ්‍රියානි විජේසිංහ –
දරුවන් 1500-2000 අතර පිරිසක් මේ වනවිට බන්ධනාගාර ගතව ඇති බවත් මින් වැඩිම පිරිස , මත්ද්‍රව්‍ය චෝදනාවන්ට ලක්වූ දරුවන් බවත් බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ සඳහන් කරයි
මේ වනවිට බන්ධනාගාර ගතව සිටින වැඩිම පිරිස තරුණ වයසේ පසුවන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වන අතර එය සියයට 65 ක පිරිසක් බව ඔහු පෙන්වා දෙයි.
ලංකාව පුරා බන්ධනාගාර තිස් හයක් තුළ මේ වන විට තිස්තුන්දාහක් රැඳවියන් රඳවා ඇති අතර මෙය තවත් වසර තුන හතරකින් පනස් දහස හැටදහස දක්වා ඉහළ යනු ඇතැයි කොමසාරිස්වරයා පෙන්වා දෙයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරනවාට වඩා පාසල තුළදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ආදීනව කියාදෙමින් දරුවන් යහමග යැවීම කළ යුතු බව හෙතෙම පවසා සිටි.
ඔහු මෙම අදහස් පළ කලේ අද (21) ගාල්ල නාගොඩ ජාතික පාසලේ පැවැති “නොයා යුතු තැන ” වැඩසටහනට සම්බන්ධ වෙමිනි.
ගාල්ල නාගොඩ කැප්පෙටියා ගොඩ “සිද්ජය” සුභසාධන පදනම එම ග්‍රාමයේ දරුවන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.