සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියයට 40ක් ඡන්දය දෙන අපේක්ෂකයා තීරණය කරලා නෑ… ප්‍රධාන අපේක්ෂකයින් හතර දෙනාම නාම යෝජනා දුන් පසු ජන රැළි 100 බැගින් පැවැත්වීමට සැලසුම් කරති!

by editor
අගෝස්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයින් සිවු දෙනාවන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ අගෝස්තු 15 වැනි දින නාමයෝජනා අවසන් වූ වහාම ඔවුන්ගේ ප්‍රචාරක රැස්වීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්,  සෑම පක්ෂයක්ම රැස්වීම් 100 බැගින් සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවත් වාර්තා වේ.

මැතිවරණ සමීක්ෂණ වාර්තා ප්‍රකාරව ප්‍රධාන අපේක්ෂකයින් සිවුදෙනාගෙන් එක් අයෙකුටවත් තවමත් සියයට 35ක ඡන්ද පදනමවත් ලබා ගැනීමට නොහැකි වී ඇති හෙයින්, මෙවර රැස්වීම් ‘ගෙල කපා ගැනීමේ තරඟයක්’ වනු ඇති බවට දේශපාලන විමර්ශන අංශ අනාවරණය කරයි.

මෙම මැතිවරණ තරගය තීව්‍ර වනුනේ තමන්ගේ අනාගත ජනාධිපති අපේක්ෂකයා කවරෙක්ද යන්න පිළිබඳව සැලකිය යුතු ඡන්දදායකයින් ප්‍රතිශතයක් තවමත් තීරණය කර නොතිබීම බව අනාවරණය වේ.

සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වෙන මැතිවරණයේදී සතුටුදායක ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා සෑම අපේක්ෂකයෙකුම මෙම ප්‍රතිශතය ජය ගැනීමට සූදානමින් සිටින අතර පාවෙන ඡන්දදායකයින් තවමත් සියයට 40ක් තරම් ඉහළ මට්ටමක සිටින ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරයි.

ප්‍රධාන අපේක්ෂකයින් හතර දෙනාම සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් රැස්වීම් 100 බැගින් පැවැත්වීමට අවධානය යොමු කරනු ඇති අතර ප්‍රචාරණයේ ප්‍රධාන අවධානය ආර්ථිකයේ පුනර්ජීවනය පිළිබඳ අදහස වනු ඇති බවට දේශපාලන පක්ෂවලින් ලැබෙන තොරතුරු සනාථ කර ඇත.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකගේත්,  එක්සත් ජාතික පක්ෂයේත් සහය ඇතිව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන රනිල් වික්‍රමසිංහගේ මංගල රැළිය අගෝස්තු 17 වනදා අනුරාධපුරයෙන් ආරම්භ වීමට නියමිතය. අනතුරුව ජනරැලි සියලුම දිස්ත්‍රික්කවලට විහිදෙන අතර ප්‍රචාරක කටයුතු සැප්තැම්බර් මාසයේදී අවසන් වන විට ජන රැළි සියය සම්පූර්ණ වනු ඇත.

සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේග කණ්ඩායම රැස්වීම් 120ක් පැවැත්වීමට නියමිතය. එහි මංගල රැලිය අගෝස්තු 16 වැනිදා කුරුණෑගලදීත්, අනතුරුව අගෝස්තු 17 වැනිදා මාතරදීත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ප්‍රේමදාසගේ ප්‍රචාරක ව්‍යාපාරය පසුව උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික්ක වෙත ව්‍යාප්ත වනු ඇත. ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන අවධානය ආර්ථිකය නැවත පණ ගැන්වීම මෙන්ම දූෂණය අවසන් කිරීමට ගත් ස්ථාවරයන් වටා කැරකෙනු ඇත. සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය මෙන් කල්තියාම ආරම්භ කළේය.

අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය ද රට පුරා රැලි 100ක් පෙළගස්වා ඇති අතර ඔහුගේ මංගල රැලිය අගෝස්තු 17 වැනි දින ගාල්ල, මාතර සහ හම්බන්තොටදී එදිනම රැස්වීම් තුනක් ලෙස පැවැත්වීමට නියමිතය.

රටේ ආර්ථිකය නගා සිටුවීම මෙන්ම රට තුළ පවතින දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අනුරගේ ව්‍යාපාරය අවධානය යොමු කරනු ඇත. මේ වනවිට ජාතික ජන බලවේගය ආකර්ශනීය ලෙස දිස්ත්‍රික් කීපයක සිය ඡන්දදායකයින් ආකර්ශනය කරගෙන විපුල ස්ථාවරයක් ගොඩනගාගෙන තිබේ.

පසුගිය සතියේ ජනාධිපතිවරණ සටනට පිවිසි නාමල් රාජපක්ෂ මහතා උතුරු නැඟෙනහිර ද සහිතව සියලුම දිස්ත්‍රික්කවල රැස්වීම් 100ක් පවත්වනු ඇත. ඔහුගේ මංගල රැලිය අගෝස්තු 21 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වේ. ඔවුන්ගේ දේශපාලන රැස්වීම සඳහා සූදානම් කර තිබූ සල්ගාදු ක්‍රීඩාංගනය අවසානයේ දී ඔවුන්ට ලබා ගත නොහැකි තැනට වැඩ සැලසීම මෙන්ම අනුරාධපුරයෙන් රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රචාරණ රැළිය ආරම්භ කිරීම පොහොට්ටුවෙන් වෙන් වී ගිය කණ්ඩායම සහ පොහොට්ටුවේ ඉතිරි වූ පිරිස අතර ඇති වී තිබෙන තීරණාත්මක ගැටුම පෙන්වමින් ඇත.

නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයකට එක් වන ලාබාලතම ජනාධිපති අපේක්ෂකයා ය. විශේෂයෙන්ම සංවර්ධනය සහ විදේශ ආයෝජන හරහා රැකියා අවස්ථා නිර්මාණය කරමින් තරුණ තරුණියන්ට ස්ථාවර සහ සුරක්ෂිත අනාගතයක් ලබා දීම කෙරෙහි ඔහුගේ ව්‍යාපාරය අවධානය යොමු කරනු ඇති බව වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බලපත්‍රය ලැබේ… ඊලොන් මස්ක් ගේ ස්ටාර් ලින්ක් සැටලයිට් සේවාව ඊයේ සිට රට තුළ ක්‍රියාත්මකයි!

Next Post

බලන් ඉන්න ගිය අය ගැලවිලා එන හැටි… ඩි.වී චානක කියයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.