රන්ජිත් සියඹලාපිටිය නැවත වරක් නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
මේ පිළිබඳව කළ විමසීමක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ මේ වනවිට ඔහුට නැගෙන විරෝධයට පිළිතුරක් ලෙස මෙලෙස ඉල්ලා අස් වූ බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමත් සමග සිය නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වූ රන්ජිත් සියඹලාපිටිය ඊයේ යළි නියෝජ්‍ය කතානායක ධුරය වෙනුවෙන් ඉදිරිපත් වී ආණ්ඩුවේ ඡන්දත් සමග වැඩි ඡන්ද 148ක් සහිත නියෝජ්‍ය කථානායක ධුරයට පත් විය.
ඉන් අනතුරුව ඔහු සම්බන්ධව දැඩි විවේචන සමාජයෙන් සහ පාර්ලිමේන්තුව තුළින්ම මතුවින.
Discussion about this post