චීන සමාජ මාධ්‍ය විසින් එරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳපොල තත්ත්ව විශ්ලේෂණයන් කරනු ලබන්නකුගේ සමාජ ජාල ගිණුම් අක්‍රීය කිරීමට පියවරගෙන තිබේ.
මේවන විට චීන ආර්ථික තත්ත්වය යම්තාක් පසුබැසීමකට ලක්වීමත් සමඟ මෙම සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රීය කිරීමට පියවරගෙන ඇති බව බටහිර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව ඉකුත් සති අන්තයේදී චීනය ප්‍රමඛ පෙළේ වෙළෙදපොල තත්ත්ව විශ්ලේෂඛයෙකු වන බොකොම් ඉන්ටර්නැෂලන් හී කළමානාකාර අධ්‍යක්ෂ හොනග් හාඕගේ වීචැට් ගිණුම අක්‍රීය කිරීමට පියවරගෙන ඇත.
මෙලෙස හාඕගේ ගිණුම අක්‍රිය කිරීමට පියවරගෙන ඇත්තේ ඔහු විසින් පසුගිය සමයේදී චීනයේ ප්‍රාග්ධනය පිටත ගලායාම ඉහළගොස් ඇති බවත් එමගින් චීනයේ කොටස් වළෙඳපොලට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවට සඳහන් කිරීමත් සමඟයි.
මේ සම්බන්ධයෙන් වීචැට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ හාඕගේ ගිණුම අක්‍රිය කළ බවත් එය භාවිතා කිරීම වාරණය කර ඇති බවයි. එහිදී එම නිවේදනයේ වැඩිදුරත් පවසා ඇත්තේ හාඕ විසින් රජයේ නීති උල්ලංඝණ කරමින් කටයුතු කර ඇති බවත්ය. කෙසේ වෙතත් ඔහු කවර ආකරයෙන් නීති උල්ලංඝණය කර ඇති බවද යන්න එහි සඳහන්ව නොමැත.
මේ අතර හාඕගේ වීචැට් ගිණුමට අමතරව ලක්ෂ තිහයක පමණ අනුගාමිකයින් පිරිසක් සිටි වෙයිබෝ ගිණුමද අක්‍රිය වී ඇති බවද වාර්තාවේ.
පසුගිය කාලය තුලදී චීනය විසින් එරට තුල කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට ගන්නා ලද දැඩි ක්‍රියාමාර්ග එරට ආර්ථිකටය දැඩි ලෙස බලපා තිබේ. එහිදී එරට නිෂ්පාදන අංශයේ සීඝ්‍ර පහළයාමක් පෙන්නුම් කරනු ලබන අතර එය මෑත කාලයෙදී නිකුත් වූ දත්ත මගින්ද අනාවරණය වේ.
ඒ අනුව මේවන විට රට ආයෝජනය කළ ඇතැම් විදේස් ආයෝජකයින් චීනයෙන් ඉවත්ව යාමේ තත්ත්වයක්ද නිර්මාණය වී ඇති අතර රුසියාව සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන යාමත් සමඟ යම් අයහපත් බලපෑමක් ඇතිවිමට ඇති අවධානමද මෙම ආර්ථික පසුබෑමට හේතුවී තිබේ.
කෙසේ වෙතත් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ වීමත් සමඟම චීනය එරට සාමාජ ජාල මාධ්‍ය වාරණය ඉහළ දැමූ අතර රුසියානු ආක්‍රමාණය විවේචනය කරන්නන් දැඩි පාලනයකට යටත් කිරීමටද එහිදී චීන රජය විසින් පියවරගෙන තිබිණි.