කීර්ති ප්‍රනාන්දු –
සිංහල අවුරුද්ද නිමිත්තෙන් ධාවනය කෙරෙන විශේෂ දුම්රිය වල ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි .
දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරී අනුර ප්‍රේමරත්න ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම මගී ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ විශේෂ දුම්රියවලට අමතරව රාත්‍රී දුම්රිය සඳහා ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති අතර කොටුව, මරදාන, රාගම ,වේයන්ගොඩ, මහව, පොල්ගහවෙල, ගාල්ල ,මාතර, අනුරාධපුරය, මහනුවර ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන සඳහා ආරක්ෂක නිලධාරීන් වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බවත් දෙපාර්තමේන්තුව පවසයි .
මේ අතර අවුරුද්දට ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව සඳහා යොදවා ඇති කොළඹ සිට බදුල්ල, අනුරාධපුරය, ගාල්ල, මාතර ,මහනුවර යන විශේෂ දුම්රිය වල මගින් විශාල වශයෙන් ගමන් කරන බවත් දෙපාර්තමේන්තුව ප්‍රකාශකයකු පැවසීය .
මෙයට අමතරව කෙටිදුර දුම්රියවලද මගීන් විශාල වශයෙන් ගමන් කරන බවත් මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ගමන්වාර 30 ක් පමණ ලබන 17 වනදා දක්වා ක්‍රියාත්මක බවත් දෙපාර්තමේන්තු ප්‍රකාශකයා පැවසීය .
දුම්රිය ආරක්ෂක හමුදාවේ කොටුව මෙහෙයුම් ඒකකයේ මෙහෙයවීමෙන් මෙම දුම්රිය ආරක්ෂක නිලධාරීන් යෙදවීම සිදු කර තිබේ .







