කීර්ති ප්‍රනාන්දු –
සැප්තැම්බර 01 දා සිට ඉන්දීය සංචාරකයින්ට ශ්‍රී ලංකාව විවෘත කරන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
පූර්ණ එන්නත්කරණය කරන ලද සංචාරකයන්ට පමණක් මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා අවස්ථාව හිමිවන බවත් මෙරටට පැමිණීමෙන් පසු ගුවන්තොටුපල තුළ දී ඔවුන් කොවිඩ් පරීක්ෂණවලට ලක් විය යුතු බවත් පැවසේ.
එමෙන්ම එම ඉන්දියන් සංචාරකයන් ශ්‍රී ලංකාව තුළට පැමිණි පසු තරු තුන හෝ ඊට වැඩි මට්ටමක ඇති හෝටලයක ලැගුම් ගත යුතු බවත් පැවසේ.
මෙසේ ලංකාවට පැමිණීමට සූදානමින් සිටින සංචාරකයන් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සැප්තැම්බර් මස 01 දා සිට මුම්බායි බැංගලෝර් දක්වා ගුවන් ගමන් ආරම්භ කරන අතර මේ මස අවසානයේ දී නවදිල්ලිය දක්වා තවත් අමතර ගුවන් ගමන් දෙකක් යෙදීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍යාංශ පවසයි.