බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැක සහිත කරුණු මත දිනේෂ් ෂාෆ්ටර්ගේ ජීවිතයේ සමීප සබඳතා ගැන විමර්ශකයින්ගේ අවධානය…

by editor
දෙසැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජන ශක්ති සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් ෂාෆ්ටර්ගේ හැසිරීම හා ඔහු ඇසුරුකළ පුද්ගලයින් සම්බන්ධව නිශ්චිත තොරතුරු පුළුල්ව හෙළිදරව් කරගැනීමේ අරමුණ සහිතව ඔහු පදිංචිව සිටි කොළඹ 07 මල්පාරේ පිහිටි නිවසට සහ ඔහුගේ කාර්යාලවලට ආරක්ෂාව සපයන  සමාගමේ ආරක්ෂකයින්ගෙන් පුළුල් ප්‍රශ්න කිරීමකට සූදානම් වේ.

දිනේෂ් ෂාෆ්ටර් ගේ නිවසේත් කාර්යාලයේත් ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂකයින්ගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ ඔවුන් මෙම ඝාතනයේ සැකකරුවන්  සේ සළකා නොවන බවත් දිනේෂ් ෂාෆ්ටර්  ඇසුරුකළ අය සහ ඔවුන් දිනේෂ් ෂාෆ්ටර්   සමග පැවැත්වූ  සම්බන්ධකම් ගැන   විශේෂ අවධානයක් යොමුකරමින් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කළේය.

රියදුරන්ගෙන් ප්‍රශ්න කිරීම්

ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර් යටතේ සේවය කරන රියදුරන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විටෙන් විට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් වැදගත් තොරතුරු රැසක් අනාවරණයකරගෙන ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

දිනේෂ් ෂාෆ්ටර්  මෙයට පෙරත් රියදුරු නොමැතිව ගමන් බිමන් ගොස් තිබේද?, ඒ කුමන වේලාවන් වලදීද?,  රියදුරු නොමැතිව මිතුරන් සමඟ ගමන් ගන්නේද?,  ආදී තොරතුරු කෙරෙහිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක් යොමුකරමින් තොරතුරු රාශියක් රැස්කරගෙන ඇත. ආරක්ෂකයින්ගෙන් සහ රියදුරන්ගෙන් එම තොරතුරු තහවුරු කරගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව් අරමුණ වී ඇත.

එමෙන්ම විමර්ශන වලින් මතුවන වැදගත් කරුණු මුල්කරගමින් ඒ අයගෙන් සුදුසු අවස්ථාවල ප්‍රශ්න කෙරෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ඉතා කිට්ටු සම්බන්ධතා සහිත පුද්ගලයෙක්…

ඝාතන සිද්ධියට සැක සහිත පුද්ගලයින් සමඟ දිනේෂ් ෂාෆ්ටර්ට පැවති ව්‍යපාර ගණුදෙනු ගැන මෙන්ම ඒ අය සමඟ පැවති ඉතා කිට්ටු සම්බන්ධකම් ගැනද මෙහිදී විශේෂ අවධානයක් යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කරයි.

මේ අය අතර දිනේෂ් ෂාෆ්ටර්ව  විවිධ ගණුදෙනු සඳහා මෙහෙයවූ පුද්ගලයෙක්ද සිටින බව පෙනී ගොස් ඇත.

එම පුද්ගලයා දිනේෂ් ෂාෆ්ටර්ට ඉතා විශ්වාසවන්ත අයෙක් ලෙස සිට ඇති අයෙක් බවද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. මෙම පුද්ගලයාගෙන් මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමකට ලක්කර නැත. ඉදිරියේදී තවත් තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව ඔහුගෙන් ප්‍රශ්න කෙරනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.‍

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකයට ලක්ව සිටින මෙම පුද්ගලයා ඇතුළු  පුද්ගලයින්ගේ හැසිරීම් ගැන සමීප ආවේක්ෂණ   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරන අතර ඔවුන් ඇසුරුකරන සහ සම්බන්ධන්ධකම් පවත්වන පුද්ගලයින්  සම්බන්ධයෙන්ද නිරන්තර අවධානයෙන් සිටින බව සඳහන්ය.

ඒ අය ඒ අයගේ දුරකතන විශ්ලේෂණයක්ද දිගින් දිගටම සිදුවෙමින් තිබෙන බව වාර්තා වේ. මේ අය රටින් පිටව යාමට සූදානම් වුවහොත් එය වැලැක්වීමටද අවශ්‍ය පියවර ගෙන ඇතැයි දැක්වේ.

ෂාෆ්ටර්ගේ දුරකථනයත් සියුම් විශ්ලේෂණයට… පුලුල් ජාල පරීක්ෂාවක්…

දිනේෂ් ෂාෆ්ටර් මහතා පදිංචිව සිටි මල්පාරේ පිහිටි  නිවසේ සවිකර ඇති ආරක්ෂක කැමරාවල දින කිහිපයක් තිස්සේ පටිගත වී ඇති දර්ශන මෙන්ම ඔහුගේ  ජංගම දුරකතනයද  සියුම් විමර්ශනයකට මේ වන විට ලක්කරමින් ඇත. ඒ ඔස්සේද වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

බොරැල්ල පොදු සුසාන භූමිය  සහ ඒ අවට ප්‍රදේශය ආවරණය වන දුරකතන කුළුණුවලින් හුවමාරුවූ ජංගම දුරකතන අංක ද මෙම ඝාතන විමර්ශනයට අදාලව මේ වන විට විශ්ලේෂණය කරමින් සැකකටයුතු දුරකතන අංක හදුනා ගැනීමේ වෙහෙසකර විමර්ශනයකද විමර්ශකයෝ නිරතව  සිටිති.

දිනේෂ් ෂාෆ්ටර්  නිවසින් පිටත්වූ වේලාවත් ඔහුව බොරැල්ල පොදු සුසාන භූමියේදී හමුවූ වේලාවත් අතර කාලසීමාව තුළ සුසාන භූමිය අවට කුළුණුවලින් හුවමාරුවූ ජංගම දුරකතන අංක ගැන මෙහිදී විශේෂ විමර්ශනයකට ලක්කරමින් ඇත.

ඒ සැකයට ලක්ව සිටින පුද්ගලයින් මේ කාලය තුළ සුසාන භූමිය අවට රැඳී සිට  ඇතිදැයි පැහැදිලිවම විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරුකර ගැනීමට සහ සැකයට මෙතෙක් ලක් නොවූ පුද්ගලයින් පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමටය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පැහැරගෙන ගිය එප්පාවල පොඩිඑකාගේ අම්මා කියන කතාව…

Next Post

ඊලඟ වසරට අවශ්‍ය ගල් අඟුරු හිඟයි… විශාල විදුලි කප්පාදුවක යන්න වෙන හේතුව මහජන උපයෝගීතා කොමිසම පැහැදිලි කරයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.