අලුත්ගම ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ලෙස මාස ගණනාවක් තිස්සේ රැඳී සිටි බව කියන චීන ජාතිකයන් 39 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණියද ඔවුන්ගේ වීසා කාලය අවසන් ව මෙරට දිගටම රැඳී සිට ඇති අතර ඔවුන් එලෙස රැඳී සිටියේ කවර හේතුවක් සඳහා ද යන්න පිළිබඳව විමර්ශණය කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පුද්ගලයන් අලුත්ගම ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය ගොස් සොයා බලා ඇති අතර එහිදි ඔවුන් ගේ විදේශ ගමන් බලපත්වල වීසා කාලය කල් ඉකුත්ව ඇති බව අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයන් වෙනත් රැකියාවකට පැමිණ ඇති බවට කිසිදු තොරතුරක් හෙළි වී නොමැති අතර මහා පරිමාණයෙන් ලෝකය පුරා සිදු කෙරෙන අන්තර්ජාල මුදල් වංචා සඳහා ඔවුන් මෙරට සිට ක්‍රියාත්මක වුණේද යන්න පිළිබඳවද සැකයක් පවතී.
කෙසේ වුවද ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් පුළුල් විමර්ශණයක් ක්‍රියාත්මක වී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.







