බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැකය මත පදනම්ව ආර්ථිකයට විනාශකාරී ප්‍රකාශ කරන්න එපා… සැකයක් ඇතිනම් කතා කරන්න… අපි නොදන්න අය නොවෙයි… ජනපති විපක්ෂයට කියයි!

by editor
මාර්තු 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සැක සංකා මත පිහිටා ආර්ථික අස්ථාවර කරන ප්‍රකාශ නොකර සිටින ලෙස විපක්ෂයේ දේශපාලනයේ කරමින් ආර්ථික විශාරදයින් ලෙස පෙනී සිටින්න සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (21) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා විවාදයට එක් වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉතාම දුර්වල තත්ත්වයකින් ගොඩනැගෙමින් ඇති ආර්ථිකයක් එවැනි ප්‍රකාශවලට ඔරොත්තු නොදෙන බවත් එම ප්‍රකාශ රටේ සමස්ථ මූල්‍ය වෙළෙඳපලේ පැවැත්මට බලපෑ හැකි බවත්ය.

“ආර්ථිකය ස්ථාවර කරගැනීම පුරවැසියන් ලෙස මහජන නියෝජිතයන් ලෙස අපි හැමෝමගෙම වගකීම.”

“මම ඔබෙන් ඉල්ලා සිටිනවා අවදානම් සහිත අසත්‍ය කරුණු සමාජයට ඉදිරිපත් කරන්න එපා. හෙට එය බැංකු පද්ධතියට කොටස් වෙළෙඳපලට ආයෝජකයින්ට අවිශ්වාසයක් ඇති කළ හැකියි. සුමටව ගලාගෙන යන ආර්ථිකයකට එවැනි ප්‍රකාශ බලපෑම් ඇති කරන්නේ නැති නමුත් අපේ වැනි ආර්ථිකයකට ඒ ප්‍රකාශයන් ප්‍රබල බලපෑම් ඇති කළ හැකියි.

“සැකය තියනවා නම් පළමුව අපි හමුවෙලා කතා කරමු. කතා කරලා සැකය නිරවුල් කරගන්න බැරිනම් එළියට කියන්න. අපි එකට වැඩ කරපු අය. අපි හොඳන් දන්නා අය. අපට කතා කරලා තේරුම් කර ගන්න පුලුවන් දේවල් තියනවා. ඉන් ඔබේ සැකය විසඳෙන්නේ නැතිනම් ඒ ගැන එළියෙ කියන්න.  හැබැයි සැකය සහිත අවදානාත්මක කරුණු එළියෙ කියන්න එපා. ඒක විශාල බලපෑමක් ඇති වෙනවා. ”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජනාධිපතිවරයා පැවසුවේ පවතින දුෂ්කර තත්ත්වයෙන් රට ගොඩගැනීමට සියලු දෙනාටම එක හා සමාන වගකීමක් ඇති බවය.

පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ආර්ථික ස්ථාවරතාවයට නොගෙන ආර්ථිකයේ කිසිම හැරවුමක් නොගන්නා බවය.

කුඩා ප්‍රමණයකින් කරගන්නා අත් වැදීමකින් මහා විනාශකාරී බරපතල ප්‍රතිවිපාක රටටත් ජාතියටත් උරුම වන බව කී ජනාධිපතිවරයා මේ ගමන කුඩා ප්‍රමාණයකින් හෝ වරද්දා ගන්නේ නැති බව කීවේය.

සිය කතාව අතර තුර ජනාධිපතිවරයා කීවේ සියඹලාණ්ඩුවේ සූර්ය බලාගාරයක් සහ මන්නාරමේ සුළං බලාගාරයක් ඉදිකිරීම තහවුරු වී ඇති බවය. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ මෑත ඉතිහාසයේ ඉහළම මට්ටමට ළඟා වූ අතර එය පසුගිය මාස දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1,121 ක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරුන් සඳහා දැනට පවතින රුපියල් මිලියන 1 ක රක්ෂණ ආවරණය අගෝස්තු මාසයේදී රුපියල් 250,000 දක්වා අඩු කෙරෙන බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

එමෙන් ජනාධිපතිවරයා අවධාරණය කළේ බදු නොගෙවන හෝ බදු වංචා කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව ඉක්මනින්ම දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය. තවද අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් රාජ්‍ය අංශයේ පුරප්පාඩු 15,300 ක් හඳුනාගෙන ඇති අතර ඒවා නිශ්චිත ආකාරයෙන් පුරවන බවට සහතික වුනේය.

සෑම රජයේ සේවකයෙකුම අමතර ගෙවීම් අපේක්ෂා නොකර තම රාජකාරි ඉටු කළ යුතු අතර අල්ලස් ලබා ගැනීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. අවසාන ඉලක්කය ඩිජිටල් කරණය වූ මුදල් සංසරණය නොවන ආර්ථිකයක් නිර්මාණය කිරීම බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා අද කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශබන්දු ඇතුළට යද්දි අනෙක් සීසීඩී නිලධාරීන් 6 දෙනාට ඇප… සැකකරුවන් හෙට අධිකරණයට විශේෂ ප්‍රකාශයක් දෙන්න සූදානම්…

Next Post

වැටුප් වැඩිවීමේ දී රජය ඉදිරිපත් කළ ක්‍රමයට කැමති නැති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට අයිතිය ආරක්ෂා කරලා දෙන්න පුලුවන් විදිහ ජනාධිපතිවරයා කියයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.