බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාලියපුරදීයකඩ සොරාගෙන ඩක්කුවක දමාගෙන යද්දි උතුරු දුම්රියක ගැටිලා – සැකකරුවන් සොයා පරීක්ෂණ

by Lanka Sara Editor
ජූලි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු

උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදි ගලවා ඉවත් කොට සාලියපුර බණ්ඩාරපුලියන්කුලම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අයිනේ ගොඩ ගසා තිබූ පැරණි රේල් පීලි හයක් කිසියම් පිරිසක් විසින් යකඩවලට විකිණීම සඳහා කැබලි වලට කපා කුඩා ප්‍රමාණයේ ඩක්කුවක පටවා හොර රහසේ ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඊයේ (15) අලුයම මගීන් රහිත හිස් මැදිරි අමුණා යාපනය කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය කළ දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරක් පිළිබඳ අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කොට ඇත.

ගෑස් සහ ඔක්සිජන් ටැංකි භාවිතා කොට එම රේල් පීලි කපා යකඩවලට විකිණීමට සාලියපුර බණ්ඩාරපුලියන්කුලම දුම්රිය හරස් මාර්ගය අසලට ප්‍රවාහනය කොට එහිදී වාහනයකට පැටවීම සඳහා ඒවා මෙලෙස දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උපකරණ ප්‍රවාහනය කිරීමට භාවිතා කරන කුඩා ප්‍රමාණයේ ඩක්කුවක පටවා ප්‍රවාහනය කිරීමට උත්සාහ කරන්නට ඇති බවට පොලිසිය සක පහළ කරයි.
ඊයේ (15) අලුයම 12.30 ට පමණ සිද්ධිය වී තිබේ. මේ අතර කන්කසන්තුරේ සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා නවීකරණය කරන ලද උතුරු දුම්රිය මාර්ගයේ වේගයෙන් එම දුම්රිය ධාවනය කොට ඇත.
එම අවස්ථාවේ සාලියපුර දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයෙන් පිට ආරක්ෂිතව ගාල් කර තිබු ඩක්කුව පීලි ගත කර කපා පැටවු පිලි පටවාගෙන රැගෙන යමින් සිටි සොර කණ්ඩායම දුම්රිය තමන් සිටින දෙසට දුම්රිය ධාවනය වනු දැක ඩක්කුවෙන් පැන පලාගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
එම අනතුර සිදුවූ අවස්ථාවේ දුම්රියට හෝ සොර කණ්ඩායමේ කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර ඩක්කුව මීටර් පනහක් පමණ දුරට ඇදි ගොස් දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවී තිබේ.
මේ අතර එම රේල් පිලි කැපීමට භාවිත කල බව කියන ගෑස් සහ ඔක්සිජන් සිලින්ඩර දෙකක් සහ තවත් උපකරණ කීපයක් පොලිසිය බාරයට ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය මගින් වැඩදුර විමර්ශන පවත්වයි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුරුන්දි විහාරයේ හින්දු උත්සව පවත්වන්න නොදුන්නොත්  ජාතිවාදි ප්‍රශ්න ඇති වෙයි… ප්ලොට් නායකයා පොලිස්පතිට ලියයි!

Next Post

දෙරට අතර ආර්ථික සහයෝගීතාවය ඉහළ නංවන ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රංශ සංචාරය

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.