අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාංඝීක කළ පඬු කරඳ ගහ ගලවා කෑලි කපා වළ දැමූ හැටි…

by editor
ජූලි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සජීව චාමිකර –
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත ම හා ඉතා ම දුර්ලභ පඬු කරඳ ශාකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍ර 4 ක් භාවිත කර නීති විරෝධී ව සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඇති පළමු කොටසට අයත් වන භූමියක පිහිටි මෙම ශාකය ක්‍රමවත් ව සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකර අනීතික ව හා බලහත්කාරය භාවිත කර මෙසේ විනාශ කර දමා තිබේ.

කරඳ ගස කපා දමා ඇති අයුරු… සාංඝීක කිරීමට පැළඳු චීවරය ද මෙහි වේ…

මෙම ශාකය කපා ඉවත් කර, මුල් කොටස් ගලවා ඉවත් කිරීම හා වලවල් හාරා ශාකයේ කොටස් වල දමා පස් ඇතිරීම ඇතුළු සියලු ක්‍රියා ඉතා ම සංවිධානාත්මක ව සිදු කර ඇති අතර ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සහ පරිසර හා සමාජ සංවර්ධන අංශය මගින් නිසි ක්‍රමවේදයකට යටත් ව මෙම ශාකය සංරක්ෂණය කිරීම හා අධිවේගී මාර්ග සංවර්ධනය තුළිත ව ක්‍රියාත්මක කර තිරසර සංවර්ධන උපායමාර්ගවලට පිවිසීමේ හැකියාව තිබිය දී ඒ සඳහා අතිරික්ත වැයක් දැරීමට සිදු වන බව සඳහන් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ශාකය බලහත්කාරයෙන් විනාශ කිරීමට ක්‍රියාමාර්ග ගැනීමෙන් සිදු කර ඇත්තේ වැරදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි.

නමුත් දකුණු අධිවේගී මාර්ගය සකස් කිරීමේ දී ව්‍යාපෘති සැලැසුමේ බෙලිඅත්ත හා කසාගල හුවමාරු අතර බැදිගම නමින් හුවමාරුවක් නොතිබුණ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැදමුලන නිවසට පහසුවෙන් පිවිසීමට බැදිගම හුවමාරුව නමින් අලුතින් හුවමාරුවක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී සකස් කළ නිලධාරීන්ට පඬු කරඳ ශාකය ආරක්ෂා කිරීම සඳහා සැලැසුම් සකස් කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

පඬු කරඳ ශාඛය

දාරළුවේ දැවැන්ත පඬු කරඳ ගස…

ෆැබේසියේ (Fabaceae) කුලයට අයත් පඬු කරඳ ශාකය ඉංග්‍රිසියෙන් Sri Lanka Legume ලෙසත් විද්‍යාත්මක ව Crudia zelanica ලෙසත් හැඳින් වේ. මෙම ශාකය විද්‍යාත්මක ව නාමකරණය කිරීමෙන් අනතුරු ව 1911 වසරෙන් පසු මෙරටින් වාර්තා වූ බවට විද්‍යාත්මක සාධක නොතිබුණි.

නමුත් 2019 වසරේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ග්‍රාම නිලධාරී වසමට අයත් මධ්‍යම අධිවේගී මාර්ගයට යටත් වන එච්. අයි. එම්. ඒ. මුණසිංහට අයත් ව තිබූ වන්දි ගෙවීමෙන් පසු පවරාගන්නා ලද ඉඩමෙන් වසර 108 කට පසු ව හිමේෂ් ජයසිංහ ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් පළමු වරට මෙම ශාකය නැවත සොයා ගන්නා ලදී. ඉන් පසු ව ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන කිහිපයකින් මෙම ශාක විශේෂය වාර්තා කිරීමට ද හැකි වී ඇත.

2021 වසරේ දී පරිසර අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කළ ජාතික රතු දත්ත ලේඛණයේ මෙම ශාකය දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ (Critically Endangered – CR) ශාකයක් ලෙස නම් කර තිබේ. ඊට හේතුව පළමු ව වඳවී ගොස් ඇතැයි විශ්වාස කළ මෙම ශාකය 2019 වසරේ දී නැවත වාර්තා කිරීම හා ඉතා ම සුළු ස්ථාන ගණනකින් පමණක් ස්වාභාවික ව මෙම ශාකය වාර්තා වී තිබීම ය.

කෘෘඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ – ඡායා රූපයේ දැක්වෙන්නේ දාරළුවේ දී පැවිදි කළ ගසයි…

ආරක්ෂිත ශාඛයක්

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ ඇති VIII වන උප ලේඛණයේ පඬු කරඳ ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස ලේඛණ ගත කර ඇත. ඒ අනුව එවැනි ශාකයක් කපා ඉවත් කිරීම ඇතුළු කුමන ආකාරයක හෝ හානි සිදු කිරීමක් නීති විරෝධී ක්‍රියාවකි. එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වීම පනතේ 67ආ1 උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත් අඩංගුවට ගත හැකි සංඥ්ය වරදක් වේ.

එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකුට එරෙහි ව පනතේ 67ඈ1 උප වගන්තියට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ සංඥ්ය වැරදි හා සම්බන්ධ විධි විධාන ක්‍රියාවේ යෙදවිය හැකි ය. එවන් පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 10,000 ත් 20,000 ත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කිරීමේ හැකියාව ඇත.

එපමණක් නොව මෙවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට අනුබල ලබා දෙන පුද්ගලයකු ද එම වරදට ම වරදකරුවකු වන බව පනතේ 59 වන වගන්තියේ සඳහන් කර ඇත.

ඇමතිත් වගකිව යුතු අපරාධය

ඊයේ (2023 ජූලි මස 10 )  සිදු කළ මෙම පඬු කරඳ ශාකය විනාශ කිරීමේ නීති විරෝධී ක්‍රියාවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු ය. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී. පී. අතුලුවගේ, අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් පමණක් නොව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ආර්. එම්. ජේ. එන්. රත්නායක ඇතුළු සියලූ ම නිලධාරීන් මෙම ආරක්ෂිත ශාකය විනාශ කිරීමට වගකිව යුතු ය.

පස් යට කර කොට කැබලි වසා දමා ඇති ආකාරය…

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ විධි විධානවලට අනුව මේ සියලූ ම නිලධාරීන් හා අමාත්‍යවරයා මෙම පඬු කරඳ ශාකය විනාශ කිරීමට වරදකරුවන් වන්නේ ඔවුන් විසින් ලබා දුන් නිර්දේශ මත මෙය සිදු කර තිබීමෙනි.

එසේ නොමැති ව බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවන්නන් හතර දෙනෙකුට මෙවැනි විනාශයක් සිදු කළ නොහැකි ය. මේ නිසා මේ පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් සිදු කර නීති විරෝධී ක්‍රියාවේ නිරත වූ සියලු පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු අතර මෙම ශාකයේ කොටස් සංරක්ෂණය කිරීම සඳහා ද සැලැසුම් ක්‍රියාත්මක කළ යුතු ය.

එපමණක් නොව තිරසර සංවර්ධනය වැනි පරිසර මූලධර්ම මත පදනම් වූ අණ පනත් යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා අමාත්‍යවරුන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම රටේ ජනතාව ගේ මෙන් ම අනාගත පරපුරේ අවාසනාවකි.

මේ නිසා පරිසර යුක්තිය, තිරසර සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හා නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත වූ රටක් ගොඩ නැගීම ගැන සිතන පුරවැසියන් ලෙස මීට එරෙහි ව ක්‍රියාත්මක වීමට සියලු ජනතාව ඒකරාශී විය යුතු ව ඇත. එය විනාශ කළ පඬු කරඳ ශාකය නැවත ගොඩනැගීමට නොව වත්මන් පාලකයන් විසින් විනාශ කරන රටේ සමස්ත ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස ය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවිත 11 බිලිගත් පසු පාලමක්වත් පුළුල් කරගන්න බැරි මහා මාර්ග ඇමති මොකට ද?. පුලුවන් කෙනෙකුට ඇමතිකම දී ගෙදර යන්න යැයි ජනතාව කියති!

Next Post

කොම්පඤ්ඤවීදිය රථ වාහන අලෙවිසලකින් සොරා ගත් කෝටි 02ක් වටිනා මොන්ටෙරෝ රිය බකමූණ කැලෑවකින් හමුවෙයි!

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.