දිනසේන රතුගමගේ –
ස්විස්ටර්ලන්තයේ සිට යාපනයට පැමිණ සිටි වයස අවුරුදු 28 ක තරුණයෙකු යාපනයේදී අතුරුදහන් වී ඇති බවට ඊයේ (29) යාපනය චාවාකච්චේරී පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
එම තරුණයා 28 වෙනිදායින් පසුව දැක ගන්නට නොහැකිව ඇති බවද එම තරුණයාගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කොට තිබේ.
ස්විට්සර්ලන්තයේ සිට සිය උපන් ගම වන යාපනය කයිතඩි වෙත පැමිණි නාගරාසා විදුමන් නමැති තරුණයා මෙසේ අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මෙම තරුණයාගෙන් යම් කප්පම් මුදලක් ලබා ගැනීම සඳහා ඔහු පැහැර ගෙන ගොස් ඇත්ද එසේත් නොමැතිනම් වෙනත් හේතුවක් මත මෙම තරුණයා අතුරුදහන් වී ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීමට යාපනයේ චාවාකච්චේරී පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.