අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

 ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිදු දේශපාලන අරමුණකින් තොරව ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම්!… චීන ජනපති පවසයි.

by editor
ඔක්තෝබර් 20, 2023
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණත් බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං පවසා තිබේ. 

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමූළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිදු කළ කතාව මඟින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වාධීනත්වය පිළිඹිබු වූ බව සඳහන් කළ චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව දරණ මධ්‍යස්ථ ස්ථාවරය ඇඟයීමට ලක් කර ඇත.

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (20) පෙරවරුවේ චීන මහජන මහ ශාලාවේදී පැවැත්විණි.

“එක් චීනයක්” ප්‍රතිපත්තිය පිළිගනිමින් “එක් තීරයක් – එක් මාවතක්” ක්‍රියා පිළිවෙතට ශ්‍රී ලංකාව ලබාදෙන සහාය පිළිබඳ ෂී ජින් පිං  මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෘතවේදීත්වය පිරි නමා තිබේ.

වරාය නගරය හා හම්බන්තොට වරාය “එක් තීරයක් – එක් මාවතක්” ක්‍රියාපිළිවෙත උදෙසා මුලින්ම එක් වූ ව්‍යාපෘති අතරට ගැනෙන බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා ලාංකේය නිෂ්පාදන චීනයට ආනයනය කිරීමටත්, ශ්‍රි ලංකාවේ වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ශ්‍රි ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ උදෙසා සුහද, ප්‍රායෝගික හා කඩිනම් සහාය ලබාදීමට චිනය කටයුතු කරන බවට ද චීන ජනාධිපතිවරයා යළි සහතික විය.

ෆාහියන් භික්ෂුවගේ හා ෂෙන් හර්ගේ චාරිකා සටහන් ඔස්සේ චීන – ශ්‍රී ලංකා අතීත සබඳතා පිළිබඳ තොරතුරු රැසක් හෙළි වන බවද ෂි ජින් පිං මහතා   දුන්නේය.

වර්තමානයේ චීන කොමියුනිට්ස් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව එකට එකතුව ඉහළ ආර්ථික වර්ධනයක් ඔස්සේ නවීන චීන අනන්‍යතාවක් ගොඩනැගීම උදෙසා සෑම උත්සාහයක්ම දරමින් සිටින බවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  දැවැන්ත අර්බුදයකට ලක්ව සිටි ලාංකිය සමාජය ඉන් මුදවාගෙන සංවර්ධන මාවතකට යොමු කර ඇති බවද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඈත අතීතයේ පටන් චීනය ශ්‍රි ලංකාවට ලබාදෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   ෂී ජින් පිං මහතා සෑමවිටම ශ්‍රී ලංකාව කෙරෙහි මිත්‍රශීලි හා සුහදශීලි ආකල්පයෙන් ක්‍රියා කිරීම අගය කළේය.

ෆාහියන් භික්ෂුවගේ ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කරමින් “සුදු තුරඟ” විහාරස්ථානයේ ලාංකිය බෞද්ධ මන්දිරයක් හා ස්ථූපයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසූ අතර එම කටයුතු සඳහා චීනයේ සහාය ලබාදෙන බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

චීනය, මියන්මාරය, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක් කරන සමුද්‍ර ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

එය ඉතා වැඩදායක කාර්යයක් බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා ඒ සඳහා මුලපුරන ලෙස වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දියන් සාගර කලාපයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රි ලංකාව සංවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉන්දියන් සාගර කලාපයේ සාමය සහ අනන්‍යතාව ආරක්ෂා කිරීමට ශ්‍රි ලංකාව සෑමවිටම කැපවී සිටින බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ආසියාව සංවර්ධන කලාපයක් බවට පත් කර ගැනීමේ ව්‍යායාමයේ දී ඉන්දියාව හා චීනය එකට එක්ව ක්‍රියාකළ යුතු බව ශ්‍රී ලංකාවේ ස්ථාවරය බව ද සඳහන් කළේය.

වසර 2048 වන විට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්විම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එම අරමුණ ජය ගැනීමට “එක් තීරයක් – එක් මාවතක්” 03 වන සමුළුවේදී ප්‍රකාශයට පත් කෙරුණු අට වැදෑරුම් වැඩපිළිවෙළ ඉතාමත් ශක්තිමත් පදනමක් වනු ඇති බව ද පැවසීය.

ගාසා තීරයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ද දෙරටේ නායකයන්ගේ අවධානය යොමු විය.

විදේශ අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා   මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාර්ග අනතුරු නිසා වසරකට රුපියල් බිලියන 700ක් රටට අහිමි වෙනවා… ඒ මුදල අද ලැබුණ IMF වාරිකයක වගේ හත් ගුණයක්…

Next Post

සුජිත් පෙ‍රේරා මන්ත්‍රීවරයාගේ කලිසම ගලවන්න ගොස් ඩයනා රාජ්‍ය ඇමතිවරිය හිංසනයට ලක් වූ හැටි… ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.