බොරැල්ල සහස්පුර සිරිසර නිවාස සංකීර්ණය අසල ඊයේ (07) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය.
මෙම වෙඩි තැබීමෙන් තුවාල වු තරුණයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තරුණයෙක් අද අළුයම මිය ගිය අතර තවත් තරුණයින් තිදෙනෙක් දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවේය.
මින් එක් තරුණයෙක් ශල්‍යකර්මයකට ද ලක් කර තිබිණි. අද දින පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා උත්සවයක් සදහා ක්‍රීඩා පිටිය සකස් කරමින් සිටිය දී මෙම තරුණයින් වෙඩි ප්‍රහාරයකට ලක් වන්නේ යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් අතිනි. ප්‍රහාරය එල්ල කර තිබුණේ ටී 56 ගිනි අවියකිනි.
විමර්ශන අංශ පවසන්නේ මේ වනවිට ඝාතන සැකකරුවන් හඳුනාගෙන ඇති බවය. විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇතැයි විමර්ශන අංශ කියයි.
විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.







